ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් රට විනාශය කරා ගමන් කරමින් තිබෙන බවත් තවත් වසරක් මේ ආකාරයෙන් රට පාලනය කළහොත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකට වුවත් මේ රට ගොඩගැනීම අපහසු වන බවත් ජාජබ විධායක සභික, හිටපු පළාත් සභා මන්ත්‍රී නලීන් හේවගේ මහතා පවසයි.
ඒ අනුව එවන් තත්වයක් යටතේ ජනතාව ජාජබට බලය ලබාදුන්නත් ජාජබ ආණ්ඩුව භාර නොගන්නා බවයි ඒ මහතා අවධාරණය කළේ.
රනිල් වික්‍රමසිංහ මහතා විසින් රට නැවත ගොඩගැනීමට නොහැකි තත්වයකට පත්කිරීමෙන් අනතුරුව ජාජබ රට භාරගතහොත් ජනතාව ජාජබ සාමාජිකයින්ට ද පහරදෙනු ඇති බවත් හේවගේ මහතා ප්‍රකාශ කළ අතර එහෙයින් ජාජබ නොව ජනතාව පාරට බැස දැන්ම මේ ආණ්ඩුව එළවා දැමිය යුතු බවත් සඳහන් කළේය.
RN