කොස්ගොඩත් වෙඩි තැබීමක්. තවත් පුද්ගලයෙකු මරුට !

ගාල්ල, කොස්ගොඩ, හිද්දරුව ප්‍රදේශයේදී අද (21) උදෑසන සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇති බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ කොස්ගොඩ සුජී නම් පාතාල නායකයාගේ සමීපතමයකු වන විජිත් හෙවත් කොස්ගොඩ රන් මහත්තයා නමැති 52 හැවිරිදි අයෙකු බවයි පොලිසිය පවසන්නේ.

ඔහු අද උදෑසන සිය නිවසේ සිටියදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු ඔහුට වෙඩිතබා පළාගොස් ඇති බව සඳහන්.

පාතාල කණ්ඩායම් දෙකක ගැටුමක් මෙම වෙඩිතැබීමට හේතුවී ඇතැයි සැකකෙරෙන අතර කොස්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඊයේ රාත්‍රියේ ද හෝමාගම ප්‍රදේශයේදී පුද්ගලයකුව වෙඩිතබා ඝාතනය කර තිබිණි.

RN