කොස්ගොඩත් වෙඩි තැබීමක්. තවත් පුද්ගලයෙකු මරුට !

Date:

ගාල්ල, කොස්ගොඩ, හිද්දරුව ප්‍රදේශයේදී අද (21) උදෑසන සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇති බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ කොස්ගොඩ සුජී නම් පාතාල නායකයාගේ සමීපතමයකු වන විජිත් හෙවත් කොස්ගොඩ රන් මහත්තයා නමැති 52 හැවිරිදි අයෙකු බවයි පොලිසිය පවසන්නේ.

ඔහු අද උදෑසන සිය නිවසේ සිටියදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු ඔහුට වෙඩිතබා පළාගොස් ඇති බව සඳහන්.

පාතාල කණ්ඩායම් දෙකක ගැටුමක් මෙම වෙඩිතැබීමට හේතුවී ඇතැයි සැකකෙරෙන අතර කොස්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඊයේ රාත්‍රියේ ද හෝමාගම ප්‍රදේශයේදී පුද්ගලයකුව වෙඩිතබා ඝාතනය කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාවා දූපතේ නායයෑමක් : 21 ක් අතුරුදහන්

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දුනීසියාවේ, ජාවා දූපතේ...

වියත් පුරේ ගෙවල් බෙදා ගත්ත හැටි එළියට. යන්න තැනක් නෑ කියපු මහින්දටත් ගෙයක්!

කොළඹ LNW: වියත්පුර නිවාස ව්‍යාපෘතියේ නිවාස හිටපු මැති ඇමතිවරු...

පළාත් සභා ජන්දය ගැන තීරණයක් ගන්න විශේෂ තේරීම් කාරක සභාවක්!

කොළඹ LNW: පළාත් සභා ක්‍රමය හා එම මැතිවරණය පැවැත්වීම...

ඔයගොල්ලෝ එකතු වෙලා රෝහිණි මන්ත්‍රීතුමිය විනාශ කළා!

කොළඹ LNW:වතුකම්කරුවන්ට වැටුප් වැඩිකිරීමේ කාරණයට විරුද්ධත්වයක් නොමැති අතර ඊට...