ගාල්ලේ පංති කාමර ඉන්දියාවෙන් ස්මාර්ට් කරයි

Date:

ඉන්දියානු රජයේ අනුග්‍රහය යටතේ දිවයිනේ දිස්ත්‍රික්ක 25 පුරා ප්‍රධාන ව්‍යාපෘති 65කට ආසන්න ප්‍රමාණයක් දැනටමත් සිදු කර ඇති අතර ප්‍රදාන ව්‍යාපෘති 20කට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මක කිරීමේ විවිධ අදියරවල පවතින අතර ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 200 ක ස්මාර්ට් පංති කාමර සඳහා අනුග්‍රහය ලබා දීමේ ඉන්දීය රජයේ වැඩ පිළිවෙල සඳහා ද පසුගිය දා අත්සන් තබන්නට යෙදිණ.


ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් එච්.ඊ.ගෝපාල් බග්ලේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්.රණසිංහ 2023 ජුනි 19 වැනි දින ගාල්ල දිස්ත්‍රික් පාසල් 200 ක ස්මාර්ට් පංති කාමර පිහිටුවීමේ ඉන්දීය රජයේ අනුග්‍රහය ලබන ව්‍යාපෘතියට අත්සන් තැබිණි. නවීන පරිගණක විද්‍යාගාර සහ ස්මාර්ට් පුවරු ක්‍රියාත්මක කිරීම වේගවත් කිරීම අපේක්ෂාවෙන් ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය සඳහා අත්සන් තබන අවස්ථාවට කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ආචාර්ය රමේෂ් පතිරණ ද එක් විය. නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ ජේකබ් මහතා සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් ද සහභාගී වූහ.


අඩු පහසුකම් සහිත පාසල්වල අධ්‍යාපනය ඉහළ නැංවීම මෙන්ම ඩිජිටල් සාක්ෂරතාවය ඉහළ නැංවීමේ අරමුණ පෙරදැරිව මෙම ස්මාර්ට් පංති කාමර සකස්කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකාවට ඉන්දියාව මේ වන විට ඩොලර් බිලියන 5 ක් ආධාර ලබා දී ඇති බවත්,ඩොලර් මිලියන 600 ක පමණ ප්‍රදානයන් ද සිඳු කර ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සිහිපත් කරයි. ඉන්දියානු නිවාස ව්‍යාපෘතිය සහ 1990 සුවසැරිය ගිලන්රථ සේවාව ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති බව ද ඔවුහු සිහිපත් කරති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

දයාසිරි පාර්ලිමේන්තුවේදී හෙළි කළ පාවෙන අවි ගබඩා කතන්දරේ…

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : පාවෙන අවි...

ලක්ෂ ගණනක් පලස්තීන ජාතිකයින් ගාසාව හැර පලා යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල හමුදා මෙහෙයුම්...