සබරගමුව නව ආණ්ඩුකාර නවීන් දිසානායක දළදා සමිඳුන් වැඳ පුදා ගනියි

Date:

සබරගමුව ආණ්ඩුකාර අධිනීතිඥ නවින් දිසානායක මහතා ඊයේ (20) දින උදෑසන දළදා මාළිගවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදා ගෙන ආශිර්වාද ලබාගත්තේ ය.

අනතුරුව ශමෝඋපාලී මහා නිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි අනුනායක හිමියන්ද, අස්ගිරි මහා විහාර පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පුජ්‍ය නාරංපනාවේ ආනන්ද හිමිපාණන්ද බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

එහිදී සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් සබරගමුව පළාතේ සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් පිළිබඳව උන්වහන්සේලා දැනුවත් කිරීමක් සිදු කෙරිණි.

ඉන් අනතුරුව සබරගමු පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවින් දිසානායක මහතා මල්වතු මහාවිහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් , මල්වතු මහාවිහාර පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමල ධම්ම නාහිමියන් සහ මල්වතු මහාවිහාර පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිත සිරි නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගන්නා ලදී.

සබරගමුව පලාත සංවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති පිළිබඳ එහිදී ඔහු උන්වහන්සේලා දැනුවත් කළේය.

ඉන් අනතුරුව සවස් කාළයේදී (20) සබරගමුව පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවින් දිසානායක මහතා මහාවිහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍යය මකුලෑවේ ශ්‍රී විමල මාහිමිපාණන් වහන්සේ බැහැදැකීමට ද ගිය බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතීඥ ජගත් ලියනාරච්චි තොරතුරු දැනගැනීමේ කොමිසමෙන් ඉල්ලා අස්වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ...

පොලිස් වෙඩි පහරින් සැකකරුවකු මරුට ! (VIDEO)

වැලිකන්ද ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් පිරිසකට මන්නයකින් පහරදීමට තැත් කළ...

ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සමඟ අගමැති නරේන්ද්‍ර මෝදි සරුංගල් යවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අගමැති නරේන්ද්‍ර මෝදි...

සමසෞඛ්‍ය විරෝධය යළි ඇරඹෙයි. මහ වැසි නොතකා උද්ඝෝෂණයේ! (PHOTOS)

කොළඹ LNW:සම සෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපාරය විසින් අද...