සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): පරිසරය, ස්වභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය වී ඇත්තේ, නාගරික සංවර්ධන අධිකාරිය විසින් රජයේ මුදල් වියදම් කර ආරම්භ කර ඇති ව්‍යාපෘතීන් 23ක් අතරමැද නවතා ඇයි බවයි .
ඉන් ව්‍යාපෘති 11ක් ආයතන අතර පවතින ප්‍රශ්න හේතුවෙන් නැවතී ඇති ඒවා බවයි අණාවරනය වන්නේ.
නාගරික සංවර්ධන අධිකාරිය විසින් රජයේ මුදල් වියදම් කර ආරම්භ කර ඇති එහෙත් දැනට විවිධ හේතුන් නිසා අතහැර දමන ලද ව්‍යාපෘතීන් පිළිබඳව සලකා බැලීම සහ පවත්වාගෙන යාමේදී අනුගමනය කරන ක්රමෝපායන්හි හෝ පවතින නීතිරීතිවල වෙනසක් සිදු කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර ඇති අතර කාරක සභාව දුන් උපදෙස් සහ මඟපෙන්වීම අනුව කටයුතු කර සලකා බලන ව්‍යාපෘතිවල කටයුතු සම්බන්ධයෙන් වන ප්‍රගතිය සති 03ක් ඇතුළත කාරක සභාවට දැනුම් දෙන ලෙසයි නිලධාරීන්ට එහිදී උපදෙස් ලබා දී ඇත.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??