*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

(VIDEO):ගෝඨාව ගෙනාපු එකට දිලිත් සමාව ගනිද්දී 69 ලක්ෂෙට රාජපක්ෂලා පස්ස හරවපු හැටි අමුවෙන්ම කියයි!

කොළඹ LNW:ගෙවුණු අඟහරුවාදා එනම් 18 වැනිදා නුගේගොඩ නගරයේදී පැවති සර්ව ජන බලය රැළියේදී මව්බිම ජනතා පක්ෂයේ නායක ලෙස දිලිත් ජයවීර මහතා ඉතා උද්වේගකර කතාවක් කරන ආකාරය දකින්නට ලැබුණා. 69 ලක්ෂයේ බලාපොරොත්තු සඵල කිරීමේ අරමුණින් ඇරඹි සර්ව ජන බලවේගයේ ප්‍රථම රැළිය ඔවුන්ටම සුවිශේෂී භූමියකම සංවිධානය කරන්නත් මේ කණ්ඩායම කටයුතු කර තිබුණා. එදා විමල්, ගම්මන්පිල, දිනේෂ්,වාසු ඇතුළු කණ්ඩායම මහින්ද සුළඟ ආරම්භ කලෙත් මේ නුගේගොඩ නගරයේ සිට. එදා එම වේදිකාව පසුපස සිටි දිලිත් ජයවීර අද දවස වන විට වේදිකාව මත හිඳිමින් රාජපක්ෂවරු පතුරු ගහන තැනට පත් සිටීම දේශපාලනිකව වැදගත් කරුණක්.

ගෝල්ෆේස් අරගලයට පහර දීමත් සමඟ ඇවිලුණු රට තුළ විශේෂයෙන් රාජපක්ෂලා වෙනුවෙන් කොළඹට පැමිණි පොහොට්ටු පාක්ෂිකයින්ට යන්න වුණේ බේරේ වැවට වීමත් එලෙස බේරේ වැවට වැටුණු අභිමානය ගැනවත් නොසලකා හරිමින් කටයුතු කරන්නට තරම් ආත්මාර්ථකාමී දේශපාලන කුක්කන් ගානට රාජපක්ෂවරු ඇද වැටුණු බවයි ජයවීර මහතා සිය කතාව අතර තුර කියා සිටියේ.

වැටුණු රටක් ගොඩගැනීමේ බලාපොරොත්තු පෙරදැරිව ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමට නොකළ දෙයක් නැති බව පැවසූ ජයවීර මහතා එදා ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒම ගැන මේදා සර්ව ජන බලය වේදිකාවේදී ජනතාවගෙන් සමාවත් ගත්තා. එදා මහින්ද සුළඟෙන් ඇරඹි දේශපාලන සටන ගෝඨාභය ජනාධිපති පුටුවේ වැඩි කරවන තෙක්ම පැමිණි නමුත් අවසානයේ සිදුවූයේ රටේම ජනතාවට කෙසේ වෙතත් 69 ලක්ෂයටම පස්ස පෙන්වීම. රටම අරාජික වීම. රටක් අරගලයට ඇද වැටීම. රට ඉදිරියෙන් බංකොලොත් ලේබලය වැටීම දක්වාම එම දේශපාලන ප්‍රවාහය දිගුවක් වූ බවත් යළි යළිත් සිහිපත් කරගැනීම වැදගත්. දිලිත් පමණක් නෙවෙයි විමල් ගම්මන්පිල,මහාචාර්ය චන්න ඇතුළු මේ හැමදෙනාම එදා සර්ව ජන බලය වේදිකාවේදී නැවත නැවතත් කියා සිටියේ ඔවුන් විසින් සිදුකරගත්තා වූ වරද්දවා ගැනීම තුළ රටටම කෙළ වී ගිය ආකාරයයි. ඔවුන්ගේ දේශපාලන අනාගතයද අගාධයට ඇද දමා ගෝඨාභය පස්ස දොරින් රටෙනුත් පැන ගත්තා. අවසානයේ 69 ලක්ෂයක් හොයා ගැනීමට නොහැකි තැනට එම දේශපාලන ප්‍රවාහය ඇද වැටුණු අතර රාජපක්ෂලා කරේ තියාගෙන පැමිණි එකී මෙකි නොකී සියලු දෙනාටම සමාජයෙන් එල්ල වුනේ එසේ මෙසේ විරෝධයක් නෙවෙයි. එය අරගලය තුළම පුපුරා ගිය ආකාරය දැකගන්න තිබුනා.

කෙසේවෙතත් දැන් විමල්, උදය, ගම්මන්පිල, වාසු, දිලිත්, චන්න මේ කණ්ඩායම ජාතිකත්වය පදනම් කර ගනිමින් ඔවුන් පවසන ආකාරයට නිර්මල වමද නියෝජනය කරමින් ගිනි තියන කඳවුර වෙනුවට ගිනි නිවන කඳවුර ලෙස පෙනී සිටිනවා. විශේෂයෙන් ඔවුන් තුළ පවතින බැසිල් විරෝධය සර්ව ජන බලය වේදිකාවේදී පුපුරා ගියා කියලත් කියන්න ඕනේ. දිලිත් ජයවීරගේ කතාවේ බැසිල් සම්බන්ධ ආවේගය එය හොඳින් පෙන්නුම් කළා කිවොත් නිවැරදියි. ජයවීර මහතා පවසන පරිදි 69 ලක්ෂයේ අභිමානය බින්දුවටම වැටිලා අලුවෙලා දැවිල ගියේ බැසිල් රාජපක්ෂ කියන අමරිකානුවගේ දේශපාලන තීන්දු තීරණ නිසා. අදටත් ඔහු උත්සාහය අතහැරලා නැති බවයි සර්ව ජන බලය වේදිකාව පවසන්නේ. දැන් රනිල් වික්‍රමසිංහ එක්ක එකතු වෙලා තවදුරටත් මේ රටේ ජනතාව වැල් පාලමේ ගෙනියන්න උත්සහ කරන බවටයි චෝදනාව එල්ල කළේ.

ඒ අනුව සර්ව ජන බලය රනිල්ට වගේම පොහොට්ටුවේ බැසිල් රාජපක්ෂ කඳවුරට මෙන්ම, සජිත්ටත් අනුරටත් සිය විරෝධය පළකරනවා. ඔවුන් සියලු දෙනාම එකම කඳවුරක නියෝජනයන් බවත් වෙනස ඇත්තේ සර්ව ජන බල තුළ බවයි අවධාරණය කරන්නේ. ඒ අනුව රටේ ඉදිරි ජනාධිපති, අගමැති, කැබිනට්ටුව මේ සියලු දේ තීරණය කරන ගාමක බලවේගය ඔවුන් බවයි සර්ව ජන බලය තවදුරටත් පවසන්නේ. ඒ අනුව දන 69 ලක්ෂයට බලාපොරොත්තුවක් ඇති කරගත හැකි බවත් එකී 69 ලක්ෂය අතනොහරින බවටත් එම වේදිකාව පසුගිය 18 වැනිදා සහතික වෙලා ඉන්නේ. කොහොමත් ගෝඨාභයගේ පාලන කාලය තුළ රට විතරක් නෙවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙව්රමුනේ දේශපාලනයද සෝදාපාලුවට ලක්වුණා. එම කේන්තියත් සර්ව ජන බලවේගයේ වේදිකාවේ පුපුරා ගිය කියලයි පේන්නේ. රට ගොඩගනී කියන බලාපොරොත්තුවෙන් බොහෝ දෙන රාජපක්ෂ කඳවුර වටා එකතු වුවද අද වන විට රටේ මිනිස්සුන්ට හරි හැටි කන්න නැති තත්ත්වයට පත්වෙලා ඉවරයි. දෛවයේ සරදම් වගේ විමල්ලට රාජපක්ෂලාව පතුරු ගහන්නත් සිද්ධ වුණා. ඒත් තවමත් මේ බිමේ දේශපාලන ගේම්වල අඩුවක් නැහැ. බල අරගලයේ අඩුවකුත් නැහැ. ඉතින් මේ තත්ත්වයන් හෙට දවස වෙද්දී කොහොම වෙනස් වෙයිද කියන්නත් බැහැ. තාම 2024 ජනාධිපතිවරණයට නිල වශයෙන් දින නියම වුණෙත් නැහැ.

හැබැයි රටම දේශපාලන කුණාටුවකට හසුවෙලා ඉන්න බව නම් දැන් හොඳින්ම පේන්න තියෙනවා.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan