හමුදා අභ්‍යාස සඳහා ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් දකුණු කොරියාවට පැමිණේ

Date:

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 22,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වන තියඩෝර් රූස්වෙල්ට්, දකුණු කොරියාව හා ජපානය සමඟ ඒකාබද්ධ හමුදා අභ්‍යාස පැවැත්වීම සඳහා දකුණු කොරියාවේ වරාය නගරයක් වන බුසාන් වෙත පැමිණ ඇති බව දකුණු කොරියානු නාවික හමුදාව ප්‍රකාශ කර තිබේ.

2023 අගෝස්තු මාසයේ පැවති කැම්ප් ඩේවිඩ් සමුළුවකදී, චීනයේ භයානක හැසිරීමට ප්‍රතිචාර වශයෙන් වාර්ෂික හමුදා පුහුණු අභ්‍යාස පැවැත්වීමට ජාතීන් තුනේ නායකයන් එකඟ වීමේ ප්‍රතිපලයක් වශයෙන් මෙම හමුදා අභ්‍යාසයන් පැවැත්වේ.

කෙසේ නමුත්, පසුගිය සතියේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වසර 24 කට පසු පළමු වරට උතුරු කොරියාවේ සංචාරයේ නිරත වෙමින් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සමඟ අන්‍යෝන්‍ය ආරක්ෂක ප්‍රතිඥාවක් ඇතුළත් ගිවිසුමක් අත්සන් කිරීමට සමගාමිව මෙම යුධ අභ්‍යාසයන් පැවැත්වීම සම්බන්ධයෙන් විචාරකයන් විවිධ අදහස් ඉදිරිපත් කරමින් තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඕපා මළගෙදර ගිහින් ….

ජ.වි.පෙ. අධිපරිභෝජනවාදයේ ගිලෙන්ට පටන්ගත්තෙ සන්ධාන දේශපාලනයට ගියාට පස්සෙ.. ඒකාලේ...

ලෝක කුසලානය රට වටා යන ගමනට ජනපති ආරම්භක සංඥාව දෙයි..

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

ට්‍රම්ප් ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පැනවීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : හබරාදුව ප්‍රාදේශීය සභාවේ...