*
Thursday, December 12, 2024
spot_img

Latest Posts

ජනපති e කොළම.

(වොෂින්ටන් වෘකයා)

🍎ජුනි 26 දා කපටි නරියාට එළඹෙන නැකැත…..?

🍎 සමීපම  රටට දැනුම් තේරුම් ඇති නායකයෙක් …..ඉන්දියාවේ අලුත්ම සෙල්ලම….?

🍎”මම පරදින්න ඡන්ද ඉල්ලන්නෙ නෑ”

🍎කපුටා හා ලන්සා එකම බෝතලයකට……?

🍎සජිත් කැමති නම් පාර්ලිමේන්තුවටම පර්මිට්….?

🍎රනිල් රිෂාඩ් රහස් කතා…?

🍎වඩා බලවත් අධිකරණය ද ව්‍යවස්ථාදායකය ද…..?

🍎නීතිපති වෙනුවෙන් තවත් ගුලියක්…..?

🍎නාකි එළවීමට කතා කරමින් විශ්‍රාමික එකමුතු හදන මාළිමා විහිළුව….?

🍎දැන් මාළිමාවට අඩු අවමංගල්‍ය අධ්‍යක්ෂකවරුන්ගෙ එකමුතුව විතරයි….?

🍎ඇමෙරිකන් මහින්ද ප්ලේන් පුරවා ලංකාවට පටවන දේ ….!

🍎ගෙවල් බද්දේ ඇත්ත කතාව…..?

🍎කොළඹ දෙලක්ෂ පනස්දාහකට නිවාස ඔප්පු.

“මම පරදින්න නම් ඡන්දෙ ඉල්ලන්න එපායැ”  තරුණයෙකුගේ ප්‍රශ්නයට කපටි කරියාට කට වැරදුණේ එහෙමය. එය  හිතාමතාම කල ජිමික් එකක්දැයි දන්නේ ඔහුම පමණි.

එම සිදුවීම විවිධ ලෙස අර්ථ නිරූපනය වේ. පරදින ඡන්දයකට ඉල්ලන්නේ නැතය ඉල්ලුවොත් දිනනවාමය යන්න ඉන් විග්‍රහ වේ. ප්‍රකාශ නොකල ඡන්දයකට අනිත් අය අමුඩ ගහද්දී රනිල් කොචොක් කරනවාද යන්න තවත් එකකි. ඡන්දය ප්‍රකාශ කල විගස මම ඉල්ලනවාය දිනනවාය යන්න වක්‍රව කීමට මෙම කට වැරදීම හරහා  ඇගවූවාද යන්න තවත් එකකි. නොඑසේ නම් ඡන්ද  කල්දමනවා යයි ඇගවූ පළමු අවස්ථාව මෙයදැයි දන්නේ ඔහුම පමණය.

මන්නාරම් රදගුරු ගේ ආශීර්වාද  ලබා උරුමය ඔප්පු බෙදුවේ සජබ සංධානයේ රිෂාඩ් ද එකතු කරගෙනය.  දිවා ආහාරය අතරේ දෙදෙනා අතර වූ කතාබහේ ගේම් තිබුණාදැයි ඇසූ පිරිසක් ද වූහ. ජනපති ගේ වැඩ පිළිවෙල අගයමින් රිෂාඩ් කල කතාව සැකය තීර්ව කළේය. අනතුරුව රනිල් ඇඹිලිපිටි ගියේද ඔප්පු බෙදන්නටය.

“කොළඔ නිවාස වල ඉන්න දෙලක්ෂ පනස්දාහකට ලබන මාසෙ ඒවා පවරනවා”  ඔහු නත්තල් පප්පාට ද ඇන්දේය. ඔහු පසුදා පාර්ලිමේන්තු ගියේ විපක්ෂය කරකවා අතහරින්නටය. කාන්තා අයිතිය රැකීමට උසාවි තීන්දු හරහට හිට ඇති බව ඔහු කීම දෙබරයට ගල් ගැසීමක් විය.

IMF එක  ලංකාව මත පැටවූ ගෙවල් බද්ද ගැන විපක්ෂ ප්‍රහාර එල්ල වෙද්දී ඊට ද උත්තර බැන්දේය.

“කුලියට දීපු ගෙවල් වලින් 90% කට බද්ද නෑ. ඉහළ ධනපතීන්ගෙ 10% ක ගෙවල් වලටයි බලපාන්නේ. වලිග පාගන්න එපා” නරියා දිගටම හූ කියාගෙන ගියේ විපක්ෂ හූ ව යටපත් කරමිනි.අනතුරුව ඔහු ගියේ විපක්ෂ ලොබියටය. මන්ත්‍රීවරු ඔහු වටා රැස්විණ.

“හොද වෙලාවට ජනපතිකම වසර 05 කට සීමා කළේ. නැත්නම් කොවිඩි හා රට බංකොලොත්වීම මගේ පිටිනුයි යන්නේ” මෛත්‍රී හිටං කීවේ සිනා මැදය.

“ඒ වුණාට ඒ කාළෙ රනිල් මැතිතුමා හිටිය නම් ඕඩු දුවන්න නොදී ගේමක් ගහනවා” මන්ත්‍රීවරයෙක් කීවේය.

“අන්න ඔබතුමාලගෙ නායකය යනවා. එතුමාත් එක්කං එන්න” මහාචාර්ය ආශු කීවේ අසලින් ගිය සජිත් පෙන්නමිනි.

“ඔයාට කාන්තාවන් ගෙන් ප්‍රශ්නලු නේද” ජනපති හර්ෂන රාජකරුණාගෙන් ඇසුවේ ලගින් යනු දැකලාය.

“ආ ඒක නොම්මර 30 කාර්යාලෙ දි වෙච්ච පොඩි ප්‍රශ්නයක්” යයි කී හර්ෂණ ලිස්සා ගියේය.

“රාජ්‍ය සේවකයන්ට දීපු වාහන පර්මිට් අපට නැද්ද” මන්ත්‍රීලා ඇසුවෝය.

” වාහන ඉල්ලීම විපක්ෂ නායක හරහා දාන්න.මම ආණ්ඩුවේ අය එක්ක කතා කරල තීන්දුව ගන්නම්” ඔහු කීය.

“අන්න විපක්ෂ නායකයා යනවා. වාහන ප්‍රශ්නය කියන්න” රනිල් සද්දෙට කීවේය.

“කියපු මුකුත් මට ඇහුණෙත් නෑ. මම දන්නෙත් නෑ” යයි කී සජිත් ලිස්සා ගියේය.

“නිහඬතාව කියන්නෙ කැමැත්තටයි” සජිත් කැමතියි වගේ” මෛත්‍රී හිටං කීවේ සිනා මැදය.

 අධිකරණයේ ඇතැම් හැසිරීම් ගැන  ජනපති පත්තු කල බෝම්බයෙන් පසු මන්ත්‍රීවරු රැසක් ද ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර ගනු දෙනුව තේරීම් කාරක සභාවකින් බේරාගත යුතු බව කීවෝය.

“දුර්වල එජාප සංවිධායකයො අයින් කරන්න” ජනපති රංගෙ ට කීවේ කලමණාකරන කමිටුවේදීය.

කර්මාන්ත ප්‍රදර්ශනය BMICH හිදී විවෘත කොට අරලිය මැදුරට ගියේ දරුවන්ට ශිෂ්‍යත්ව බෙදන්නටය.

නීතිපතිට සේවා දිගුව දීම ව්‍යවස්ථදායක සභාව ප්‍රතික්ෂේප කළේය.

“එතනදි සිවිල් සංවිධාන අයගෙ ක්‍රියාකලාපය ගැන නීතිමය ගැටලු තියෙනවා” අයෙක් කීවිට ජනපති කිසිත් කීවේ නැත.

“ආපහු නීතිපතිගෙ නම යවනවද” ආශු ඇසූවිට  ඊට අභිනයෙන් ලැබුණු පිළිතුර තවත් ගුලියක් අඔරන ස්වරූපයේ එකක් විය.

“මාළිමාවෙ දකුණු අත කරන දේ වම් අත දන්නෙ නෑ. විශ්‍රාමික වෘත්තීය එකමුතු හදන ගමන් “නාකින්ට” ගහල පන්නන්න ඔින කියල මාළිමා වේදිකාවල කියනවා. ඒ අස්සෙ මගුල් ජායාරූප ශිල්පී එකමුතුවකුත් හදලා. දැන් මාළිමාවට අඩු අවමංගල අධ්‍යක්ෂ එකමුතුවක් විතරයි” ආශු කීවේ සිනාමැදය.

නරියා හා කපුටා ගේ තවත් හමුවක් පසුගියදා තිබිණ. ලන්සලා ගේ සන්ධානය රාජපක්ෂලා ප්‍රතික්ෂේප කරන පසුබිම තුළ රැවුලයි කැඳයි දෙකම බේරාගෙන කලවම් කර නොගෙන  දෙපිරිස එකම බෝතලයකට දාගැනීමට හැකි උපායක් නරියා කල්පනා කරමින් ඉන්නවා ඒකාන්තය.

ඉන්දියාව කපුකමකට අරඇදීමට හදන බවට සැකයකි.එම විදේශ ඇමති පැමිණ පදනම දමා අගමැති මෝදි ගේ පැමිණීම තුළ බොහෝ දේ සිදුවීමට ඉඩ තිබේ. ඉන්දියාවට සමීප ලංකාවේ දැනුම් තේරුම් සහිත නායකයෙකු සිටීම උපාය මාර්ගිකව වැදගත් බව දැන් ඉන්දියාව හිතීම නරියාට පල්ලමක් වී තිබේ. සුළු පක්ෂ පමණක් නොව අවසානයේ සජබ වැනි මහ පක්ෂ වලටද ඉන්දියානු බලපෑම එන්නට බැරි නැත. එහි ඇමෙරිකානු සෙවනැල්ල ද තිබිය හැකිය.

26 දා රනිල්ට නැකැත්ය. එදින රෑ ජාතිය අමතා රට බංකොළොත් බවින් මිදීම ප්‍රකාශයට පත් කිරීමට සූදානමක් පවතී. සියගණනක් දෙස් විදෙස් මාධ්‍ය වල එය සජීවීව යාමට නියමිත අතර එය නරිතෙමේ විසින් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් දිනිත්ට පැවරු වගකීමකි.එදින නරියා  ඡන්දයට එන බව ප්‍රකාශ කරනවාද නැද්දැයි යන තීන්දුව තවම පෙන්ඩිං ය.

මෝදිගේ විදේශ ඇමති ලංකාවේදී  ජනපති හා එකතුවෙමින් දිසා 05 ක නිවාස සිය ගණනක් ජනතා සන්තක කළේය. ඩො මිලි 06 ක සමුද්‍රීය ගලවා ගැනීමේ මධ්‍යස්ථානය ද විවෘත කෙරිණ.

පොසොන් දා තන්ත්‍රිමලේ වැඳගත් ජනපති නැගෙනහිර ගියේ ඉඩම් ඔප්පු දන්සැලට ය.

ඇමෙරිකන් මහින්ද හා තානාපති නඩය රටට හිතැති තවත් වැඩක් සිදු කළහ. ඇමෙරිකානු සංචාරකයන් විදේශ රටවලට යොමුකරන සමාගම් 50 ක් කැදවා ලංකාව ලොව ප්‍රධානම සංචාරක ගමනාන්තයක් ලෙස හුවා දක්වන වීඩියෝ හා සංස්කෘතිකාංග පෙන්වා ලංකාවේ ආහාර පාන වලින් ද සංග්‍රහ කළහ. ලංකාවට යවන ඇමෙරිකානු සංචාරකයන් සංඛ්‍යාව ඉහළ දමන බව එම ආයතන එකමුතුවේ ප්‍රධානියාගෙන් එහිදී ප්‍රතිඥා ලැබීම රටට ලැබුණු ජයක් විය.

මහබැංකුවේ පඩි වැඩිකිරීමට ගත් තීන්දුව ගැන අධ්‍යන කල දිනේෂ් වීරක්කොඩි කමිටුව එහි වරද මහබැංකු නිළධාරීන් වෙත පටවා තිබේ. හිටපු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ද එම කමිටු සාමාජිකයෙකි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan