සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ගෝලයෙක් අත්අඩංගුවට!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 22 , කොළඹ (LNW):

දැනට ඩුබායි රාජ්‍යයේ රැදී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කෙසෙල්වත්තේ දෙනුවන් චතුරංග නමැත්තාගේ ගෝලයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කදවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කෙසෙල්වත්ත පොලිස් වසමේ සුචරිත මහල් නිවාසය අසළ කළ වැටලීමකදීය. එහිදී රුපියල් ලක්ෂ 5කට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20යි මිලිග්‍රෑම් 900ක් සැකකරු ළග තිබී සොයා ගැනුණු බව වාර්තා වේ.

එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් රුපියල් ලක්ෂ තුනකට ආසන්න මුදලක්ද අත්අඩංගුවට ගැනීමට හැකිවුනු බවත්, වයස අවුරුදු 19ක් වන මෙම සැකකරු කොළඹ 12 සෙරැස්තියන් මාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් පොලිසිය පවසයි.

ඔහු ඩුබායි රාජ්‍ය යේ සැගව සිටින දෙනුවන් චතුරංග සමග සමීප සබදතා පවත්වන අයෙකු බවට හෙළිකරගෙන ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වගවීම ආරම්භවිය යුත්තේ අපගෙනි: ලෝකයා ඉදිරියේ කෘතඥ වෙමින් ජාතිය ගොඩනඟමු!

වගවීම ආරම්භවිය යුත්තේ අපගෙනි: ලෝකයා ඉදිරියේ කෘතඥ වෙමින් ජාතිය ගොඩනඟමු!

රුපියල් මිලියන 400 ක් වටිනා අධාර තොගයක් චීනයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : අද (08)...