පොසොන් පෝයදා පාසල් සිසුවියක් සමූහ දූෂණයට ලක් කරලා ! පස් දෙනෙක් අත්අඩංගුවට

Date:

හංවැල්ල, ඇඹුල්ගම ප්‍රදේශයේදී 17 හැවිරිදි පාසල් සිසුවියක් පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින තරුණයින් 05 දෙනෙකු අද (22) දිනයේදී පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ නවගමුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 21 – 24 වයස්වල පුද්ගලයින් 05 දෙනෙකි.

මෙම පාසල් සිසුවිය ඊයේ (21) උදෑසන දන්සැලකට ගොස් ඇති අතර පසුව සිය පෙම්වතා හමුවීමට ගොස් ඇත. ඇය නැවත නිවස බලා එමින් සිටියදී යතුරුපැදි වලින් පැමිණි පස්දෙනෙකු ඇයව බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිල්ලක් තුළදී සමූහ දූෂණයකට ලක් කළ බවයි ඇය විසින් ඊයේ හංවැල්ල පොලීසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වන්නේ.

ඒ අනුව පොලීසිය එම සිසුවියව ඊයේ රාත්‍රියේම අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට යොමුකර ඇති අතර ඉන්පසුව ඇයව ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත.

සිද්ධිය පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක වෙද්දී අද (22) උදෑසන එක් සැකකරුවකු නීතීඥයකු මාර්ගයෙන් හංවැල්ල පොලීසියට බාරවී ඇති අතර ඔහුව අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙළිවූ කරුණු අනුව සෙසු සැකකරුවන් සිව්දෙනා ද අත් අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කරන්නේ.

සැකකරුවන් හෙට (23) දිනයේදී හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර හංවැල්ල පොලීසිය සහ නුගේගොඩ ළමා හා කාන්තා කාර්යාංශයත් නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයත් එක්ව විමර්ශන සිදුකරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...