*
Sunday, December 15, 2024
spot_img

Latest Posts

ගෝඨා ගියා, රනිල් ආවා … එතනින් එහාට දර්ශන තලය අපැහැදිළියි මචං – ටිම්රාන් කීර්ති

ටිම්රාන් කීර්ති කියන්නෙ අද වෙන කොට ලංකාවේ කවිය කියන කලා මාධ්‍යය ගැන කතා කරන කොට මඟ අරින්නම බැරි කවියෙක්. මොකද ඔහු ඔහුගේ කලා මාධ්‍යය තුළ ඔහුටම ආවේණික ට්ම්රානියානු මුද්‍රාව තියල ඉවරයි. 2009 වසරෙදි පළ වුණ ‘සාදය සූදානම්ය’ කියන ඔහුගෙ පළවෙනි කවි පොතෙන් ඇරඹුණ ඔහුගේ කවි මඟ 2014 දී පළ වුණ ‘යන්නන් චන්දරේ’ කෘතියෙන් කූඨ ප්‍රාප්තියට පැමිණුනා කිව්වොත් අපි නිවරදියි.

ඊට අමතරව 2018 දී පළවුණ ‘පෙම්බරියගෙන් වෙන් වුණ ලූලෙක් හැරෙයි ඇළකට’ යන කෘතිය හරහා සිය ලිවිසැරිය යාවත්කාලීන කරපු ට්ම්රාන් නොහොත් අපි කව්රුත් ආදරයට ආමන්ත්‍රණය කරන ටිමා 2020 දී පළ වුණ ‘ඒ ජෙට් එකේ ගියේ සමන්සිරිමයි’ කියන කෘතිය තුළින් සම්මානයටත් පාත්‍ර වුණා. ඉතිං අවුරුදු ගණන් ඒ විදියට ගෙවිලා ගිහින් 2024 දි ටිමා අපිට අරන් ඇවිත් තියෙනවා ‘මදුරාවතී නම් තරු රටාව ’ කියලා තවත් කාව්‍ය සංග්‍රහයක්.

ඉතාම මෑතකදි පළවුණ මේ නිර්මාණය හේතුවෙන්ම ටිමා එක්ක පොඩි චැට් එකක් දැම්මොත් හොඳයි කියලා ලංකා නිවුස් වෙබ් අඩවියේ අපිට හිතුනා. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කළ යුතු තවත් දෙයක් තමයි ටිමා ගෙ කවි පොත් පහට අමතරව 2022 දි ‘සඳ හැදුණු හැටි’ නම් වූ කෙටි කතා කෘතියකුත් 2019 දී පළ කරපු ‘එඬරු යායේ’ කියන තීරු ලිපි එකතුවක් ලාංකීය පාඨකයන්ට ඔහුගෙන් ලැබුණු දායාද බව.

ඉතිං කවි නොකියවන කවි ගැන වැඩි ඇල්මක් නැති කෙනෙක් මේ පහත සාකච්ඡාව කියවන්න හඳනවා නම් තවත් එක දෙයක් කෙටියෙන්ම සටහන් කරන එක හොඳයි කියලා අපි හිතනවා.

සාදර බණ්ඩාර ගායනා කරපු ‘පොඩ්ඩියේ’ නම් වූ අපූරු (කවියේ)/ ගීතයේ පද රචකයා තමයි ටිම්රාන් කීර්ති කියන්නෙ.

ඉතිං, තවත් වැඩි විස්තර නැතුව අපි බලමු ටිමා මොනවද අපි එක්ක කතා බහ කළේ කියලා.

ප්‍ර. ටිමා උඹට මතකද දන්නෙ නෑ අපි දෙන්නා මුලින්ම මුණ ගැහුණෙ මහවැලි කේන්ද්‍රයේ තිබ්බ කවි පොත් එළිදැක්වීමකදි. අවංකවම කියන්න මට දැන් ඒ කවියගෙ නමවත් පොතේ නමවත් මතක නෑ. මොකද දැන් ඔහු කවි ලියන් නැති නිසා. ඔහු හුදු දෙමළ ජනවාර්ගික ප්‍රශ්නය මුල්කරගෙන කවි ලියපු කවියෙක්. ඉතිං දැන් මේ සාකච්ඡාවේ අපේ පළවෙනි ප්‍රශ්නය තමයි අර කිව්ව වගේ එක එක මාතෘකා ඔස්සේ හතු පිපෙනවා වගේ කවිපොත් ලියන කවියො කළ එළි බහිනවා. නමුත් ඔවුන් පේන්න ඉන්නෙ ටික කාලයයි. නමුත් උඹ දිගටම කවියත් එක්ක හිටියා. ඇත්තටම ඇයි උඹ පැලපදියම් වෙන්න කවියම තෝර ගත්තෙ???

පි. මතකයි. ඒ අපි උඹල නිතර හම්බුන කාළයක්. කාලයත් එක්ක ගොඩක් දේවල් වෙනස් වෙනව. වෙනස්වීම විතරයි කළංකයක් නැති ආත්මෙකට තියෙන්නෙ. මිනිස්සු විවිධ දේවල් වලට සංවේදි වෙනව. කවියො , නාට්‍ය කරුවො, සිනමාකරුවො, කතා ලියන්නො තමුන්ගෙ විවිධ අවදි කවිය ඇතුළෙ හෝ වෙනයම් ශානරයක සිතුවම් කරනව. තමන්ගෙම බැබලීම මත පදනම් නොවී ඒ වැඩේ කරන විදිය හොයාගන්න එක අමාරු වැඩක්. කවියෙක්ගෙ කවි වලින් කවියෙක්ව මනින යුගේ දැන් ඉවරයි මට හිතෙන විදියට. සතිපොලේ සයිකල් පදින සර්කස් මාම වගේ. වැඩ දාන්නත් ඕනෙ, එලවලු මලු හලන්නත් බෑ. මිනිස්සු හප්පන්නත් බෑ. දේවල් තේරෙනකොට පාඩුවෙ ගමනක් යන්න පුලුවන් අයින් වෙලා.

ප්‍ර. ටිමා ඒ වගේම මීට අවුරුදු හතර පහකට පෙරාතුව උඹ සහභාගී වුණා එෆ්.එම්. එකක කැමතිම ගීත තෝරන වැඩසටහනකට. එදා උඹ සේනක බටගොඩ මහත්මයාගේ ‘අනන්තයට යනවාමයි’ සිංදුව උඹේ කැමතිම සිංදුවක් විදියට තේරුවා. ඒ කරලා උඹ කිව්ව දෙයක් තමයි ඒ සිංදුවෙ කියනවා වගේ අපි හැමෝම එක කාලයකදි එක රූනක යන්න හැදුවා නමුත් එක තැනකදි රූන කැඩිලා බිදිලා ගියා කියලා. නමුත් මචන් දැන් උඹට හිතෙන් නැද්ද ගෝඨව එළවන්න ආපහු ඒ කැඩුණ රූන එකතු වුණා කියලා. දැන් උඹ ඒක කියවගන්නෙ කොහොමද???

පි. ඔව්. ඒ ගීතය මට ජාතික ගීතය වගේ. අනන්තවත් යාලු මිත්‍රයො ආශ්‍රය කරපු මනුස්සයන්ගෙන් කෙනෙක් මමත්. අනන්තය කියන්නෙ මට හිතෙන විදියට සාමූහික ප්‍රයත්නයක් නෙවෙයි. ඒක තමන් එක්කම කරන ගනුදෙනුවක්. නොගැලපීම් එක්ක ඉගිල්ලෙන එක ලේසි නෑ. ඉගිල්ලෙද්දි තමයි තමයි අඩුම ගානෙ තමන්ගෙ පියාපත්වල දිග පළලවත් තේරෙන්නෙ. ගෝඨව එලවන දේශපාලන වැඩේ ඇතුලෙ රටෙන් බාගෙකට වඩා හිටිය. ඒ අරගලේට මුවා වෙලා වෙන වැඩ කරපු අය පැත්තකින් තියමු. මගෙ ජීවිතේ මන් දැකපු මිනිස් සුව`ද පිරුනු ශිශ්ටාචාරමය නිමේශයක් තමයි අරගලය කියන්නෙ. තනි තනි හීන දැකපු මිනිස් අහිනක් පොදු හීනෙක ජීවත් වුණු උනුසුම්ම මතකයක්.

අන්තිමට ගෝඨා ගියා. රනිල් ආව. එතනින් එහාට දර්ශන තලේ අපැහැදිලියි මචන්. අරගලේට අයිතිකාරයො ඉදිරිපත් වුණාට මිනිස්සුන්ගෙ සාමූහික ප්‍රයත්නය, පොදු හීන ගැන වගවීම සෙල්ලමක් නෙවෙයි. රටේ මිනිස්සු මාර බුද්මධිමත් කියල හිතනවට වඩා මට හිතෙන්නෙ හැඟීම්බරයි.

ප්‍ර. ටිමා උඹ එක්ක කතා කරද්දි අමතක කරන්නම බැරි දෙයක් තමයි ‘පොඩ්ඩියේ’ සිංදුව. සිංදුවක් විදියට ඒක මාර්කට් වුණත් මුලින්ම උඹ ඒක ලියන්නෙ කවියක් විදියටනෙ. දැන් මෑත කාලයේ අමු සිංදු කියලා කල්ට් එකක් ආවනෙ. මේ කල්ට් එකට අත්තිවාරම දැම්මෙ උඹ කියලයි මට හිතෙන්නෙ. ඇත්තටම උඹ කොහොමද මේ කවි සිංදු එහෙමත් නැතිනම් අමු සිංදු කලාව දකින්නෙ…

ගිටාර් එකත් එක්ක කවි කියවන වැඩේ පටන් ගත්තෙ සුනිල් විජේසිරිවර්ධන මහත්තය. මහද්වීපික ඇත්දැකීම් සහිත පැහුන මිනිහෙක් විදියට ඔහුට ඕන වෙන්න ඇත්තෙ කවිය මිනිස්සු අතරට ගෙනියන්න. මම කවියට එන කාලෙ වෙද්දි විකල්ප ගීතයත් මතුවෙලා තිබුනෙ. විකල්ප ,මේ වචනෙ නොගැලපීම ගැන පස්සෙ ගොඩ දෙනෙක් පිලිගත්ත. අජිත් කුමාරසිරි, සුදන්ත මාදවලචින්තක ගීත දේව,අමිල සඳරුවන්, ජෙහාන් ඔහොම ගොඩ දෙනෙක් ඒ වැඩේ හිටිය. ආර්ථික අමාරුකම් එක්ක කැප කිරීම් එක්ක ඒ අඩි තාලම වැටුනෙ. පොඩ්ඩියෙ සිංදුවක් වෙන්න කලින් කවියක්. මංජුල වෙඩිවර්ධන එක්ක කයියක් ගහන් ඉන්න කාලෙක ලියපු මොනව හරි තියෙනව නම් එවපන් කිව්වම ඕක දුන්නෙ. සමාජ මාධ්‍යයට ඒ කවිය එන්නෙ එහෙමයි. එතනින් සාදර සින්දුවක් ගැන අදහස කියනව. සංගීතයෙන් හැඩි කරන්නැතුව විශුවල් කරන්නැතුව කරපන් කියල මන් කිව්වෙ. ඒක ඉතින් වැඩ කෙරුව. එතනින් පස්සෙ සන්ජීව් එක්ක වැඩ කීපයක් කෙරුව. ඔය කිසිම වැඩක් මුදල් මත වුන දේවල් නෙවෙයි. කලින් කිව්ව යාළුකම් මත කරපුව.

ගීතයෙ විවිධ කලාප තියෙනව කාලයත් එක්ක තමයි පැවැත්ම තීරණය වෙන්නෙ. පුද්ගලික එදිරිවාදිකම් පැත්තකින් දාල සංවාද ගොඩනැගෙනව නම් හොදයි. සදුන් ප්‍රියංකර විතානගේ, චමිල් ගීතාංග වගේ විචාරකයන් එතනදි මතක් වෙනව.

ප්‍ර. ටිමා උඹේ භාෂාව හරිම සරළයි. උඹ හෙන සම්භාව්‍යය වචන යොදා ගන්නෙම නැති තරම්. ඒකට හේතුව මොකක්ද???

කවියෙ භාෂාව කිසියම් විදියක හරඹයක්. රිද්ම රටා, යෙදුම්, උපමා, නිදහස් ගලා යෑම් එක්ක බැදුනු. අපේ සාර්ථක සහ අසාර්ථකවීම් කියන දෙකම භාෂාව ආශ්‍රයෙන් අර කියපු කාරණා ගැන අපේ අවබෝධය මත පිහිටනව. මදුරාවතී පොතට එද්දි එහෙම වෙනස්කම් ඇති. ඕනෙම කවියෙක්ගෙ ගමනෙ දිගුවක් ඊළග කවිය. මේ පොතේ ගොඩක් කවි මන් මුලින්ම කියෙව්වෙ ඔරායන්ටයි ටොලමිටයි. පොඩි උන් දෙන්නට කවි තේරුනේ නැති උනාට පොඩි පොඩි තැන් තිබුන භාෂාව විස්වාස කරන. අයිසේජ් දන්ඩා ,එහෙම එකක්. හුඟක් වෙලාවට සමහර අය භාෂාව සැක කරන්නෑ…. ලියපු මිනිහව සැක කරනව. භාෂාව හරි ලස්සනටම පාවිච්චි කරන කෙනෙක් තමයි නීල් විජේරත්න. කවි නොලිව්වත් කවියක් වගේ මිනිහෙක්.

ප්‍ර. කෙටි කතාව සහ තීරු ලිපි කලාව මේ වෙනකොට අපේ රටේ ප්‍රභල ජනමතයක් ඇති කරන්න පුළුවන් භාවිතාවන් විඳියට උඹ දකිනවද???

පි. තීරු ලිපි අතරෙ මන් කැමතිම රචකය සුමන ආලෝක බන්ඩාර. සුමන මතක, පොත රස ගුලාවක්. ඒකෙ කලාව දේශපාලනය හැමදේම තිබුන. බර දේවල් රහට ලියන්නෙ කොහොමද කියන කාරනාවට නිර්දශනයක් ඒ පොතම. මිනිස්සුන්ට දුරස්ථ භාෂාවෙන් මොනව ලිව්වත් කිව්වත් තේරුමක් නෑ. තීරු ලිපිය මිනිස් ගනුදෙනුවක් නොවෙන කුඩා කණ්ඩායම් වැඩකදි ඒ ප්‍රශ්නය නෑ. ජන මතයක් ඇති කිරීම සඳහාම කෙටි කතා ලියන්න ගියොත් මට හිතෙන්නෙ කෙටිකතාවෙ කලාත්මක බවට හානි වෙන්න ඉඩ තියෙනව. වර්තමානයෙදි ලියවෙන කෙටි කතා ඇතුළෙ මිනිසුන් ඇහැරවන කෙටි කතා ඒ සංවාදයට අදාළ කරගන්න එක ඊට වඩා ප්‍රායෝගිකයි වගේ.

ප්‍ර. කවි ලියලා මිනිහෙක්ට ජීවත් වෙන්න අමාරු රටක උඹ කවි ලියන්න අවශ්‍යය උඹේ මූල්‍යය ප්‍රාග්ධනය සංචිත කරගන්නෙ කොහොමද???

පි. මේ රටේ උඹ මම ඇතුළු හැමෝම ඉන්නෙ පතුලක් නොපෙනෙන අගාදෙක. පළවෙනි පොත කෙරුවෙ 2009. එතන ඉ`දන් මේ අවුරුදු 15ටම ලියල තියෙන්නෙ කවි පොත් පහක් එක්ක සේරම පොත් හතයි. ලියපු පොත අවසන් පොත කියල හිතාගත්තම ඊළග පොත වෙනකන් ජීවත් වෙන්න පුලුවන්. පොත් ලියන්නම ජීවත් නොවෙනතාක් ජීවිතයයි ලිවීමයි අතර සම්බන්දයක් නෑ.

ප්‍ර. ඔබේ සහෝදර කවියො ගැන ඔබට තියෙන අදහස දැනගන්න අපි කැමතියි. කොටින්ම කියනවා නම් ඔබව ප්‍රභල ලෙස කම්පණයට බඳුන් කරපු ඔබේ සමකාලීනයා කව්ද???

පි. මන් කවියට ආවෙ ලක්ශාන් මධුරන්ග වික්‍රමරත්නත් එක්ක එකම කාලෙකදි. ඒ කාලෙ ඉරිද දිවයිනේ කවිපිටුව ආසාවෙන් කියෙව්ව. ලක්ශාන්ත අතුකෝරලගෙ කවි කියවද්දි දැනුන පුදුමය අදටත් තියෙනව. අපේ මුල් වැඩබිම වුනේ පත්තර කවි පිටුව. හු`ගක් වෙලාවට මස් ඉඹුලයි නදුන් යසිත අපි තුන්දෙනාගෙ කවි එකටම පල වුනා. ඒ දෙන්නගෙ කවි මගෙ කවියට කලින් කියවන පුරුද්දක් මට තිබුනෙ. ඒව විශිශ්ට කවි. මාව තිගස්සපු කවිය රුවන් බන්දුජීව. මට හිතෙන්නෙ තාමත් ඔහුගෙ කවිය සොයා නොගත්තු මහද්වීපයක් වගේ.

ප්‍ර. ටිමා අවසානයට මං අහන්නෙ කවියෙනුයි කෙටිකතාවෙනුයි එහාට යන්න අදහසක් නැද්ද???

පි. පොඩි පොඩි හීන තියෙනව. වැඩේ තියෙන්නෙ මන් මොන ශානරයක වැඩක් කෙරුවත් ඒ හැම එකකම තියෙන්නෙ මගෙ හැඩේ. පල්ලියෙ වෙසක් කූඩු එල්ලනව වගේ. ඒකෙත් පොඩි ආතල් එකක් නැතුවම නෙවෙයි. පව පන්සල් විතරක් නෙවෙයි. පව පල්ලිත් යන්න ඕනෙ. වෙසක් කැකුලු අතු අග නෙවෙයි අතු මුලත් පිපෙන්න ඕනෙ.

සටහන හා සාකච්ඡාව
බාසුරු ජයවර්ධන

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan