බදුල්ල බස් අනතුරේ මරණ සංඛ්‍යාව ඉහළට. රිය පදවා ඇත්තේ සහායකයා

සටහන – රුවන් නෙළුගොල්ල

බදුල්ල – මහියංගණ ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ ප්‍රදේශයේදී බස් රථයක් පෙරළී යාමෙන් ඊයේ (21) පස්වරුවේ සිදුවූ අනතුරින් පුද්ගලයින් තිදෙනෙක් මියගොස් තිබේ. එහිදී තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 34 දෙනෙකි.

මෙසේ අනතුරට ලක්ව තිබුණේ තඹුත්තේගම ප්‍රදේශයේ සිට පැමිණි වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථයකි.

ඔවුන් බදුල්ල, මුතියංගන වෙහෙර වැඳපුදාගෙන නැවත නිවෙස බලා යමින් සිටියදී දුන්හිඳ 4 කණුව ප්‍රදේශයේදී බස් රථය විදුලි කණුවක ගැටී පෙරළී තිබිණි. ඒ, ඊයේ පස්වරු 06.00 ට පමණ ය.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු සහ රිය සහායක බදුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අනතුර සිදුවන අවස්ථාවේදී රථය පදවා ඇත්තේ රියදුරු සහායක විසින් බවය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...

පාස්කු ප්‍රහාරය : හිටපු ජනපති ගෝඨාභයට එරෙහි විමර්ශන ප්‍රබල තත්වයක – දිලීප අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන...

මේ පොලිස්පතිටත් හිරේ යන්න වෙයිද ? – අධිකරණයට අපහාස කළැයි නඩු පැවරීමට ගම්පහ මහේස්ත්‍රාත් නියම කරයි !

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීම...

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...