ඇමෙරිකාවෙන් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන වලට ප්‍රහාර.!

Date:

අශෝක ජයතුංග

ජූනි 22 වොෂින්ටන් LNW :

🍎ඇමෙරිකාව ඇතුලෙන්ම ඊට විරෝධය පළවේ…..?

🍎ඉරානය කෙසේ ප්‍රතිචාර දක්වයි ද…..?

🍎දැන් රුසියාවේ හා චීනයේ ස්ථාවරය කුමක්ද….?

🍎ඇමෙරිකානු නගර රැසක ජනතාව ප්‍රහාර වලට එරෙහිව වීදි බසී…..!

🍎තෙවන ලෝක යුද බියක්….?

ඉරානයට සති දෙකක් දුන් ඇමෙරිකාව B2 ප්‍රහාරක යානා මගින් ඉරාන න්‍යාෂ්ටික මධ්‍යස්ථාන තුනකට එනම් ෆොඩෝ, නටන් හා එස්වහන් වලට හදසි ප්‍රහාර එල්ලකර තිබේ. ඊශ්‍රායලයේ සම්බන්ධීකරනයෙන් ප්‍රහාරය සිදුව තිබේ.


B2 යානා අඩි 50,000 ක ඉහළ අහසේ එක දිගට කිමි 11,000 ක් ධාවනය කලහැකි ගුවනේදීම ඉන්ධන පොම්ප කලහැකි රෙඩාර් මග හැර යාහැකි වවුල් හැඩරුව සහිත යානා විශේෂයකි. ඒවා ගුවාන් කදවුරෙන් නික්ම ගිය බව ද කියති.


ප්‍රහාරය ඉරානය ද පිළිගෙන ඇතත් ෆෝඩෝ හි කොටසකට පමණක් හානිවී ඇති බව ඉරානය කියා සිටී. රාත්තල් 30,000 ක් බර බස්ටර් බෝමබ ඇමෙරිකාව මේ සදහා යොදාගෙන තිබේ. සෙනෙට් සභික බර්න් සැන්ඩර්ස් ඇතුළු ප්‍රබල පිරිසක ප්‍රහාරය හෙළා දකමින් එය ඇමෙරිකානු ව්‍යවසුථාවට පවා එරෙහි බවත් යුද වැදීමේ තීන්දු ගැනීමේ අයිතිය කොංග්‍රස මණ්ඩලය සතු වගකීමක් බව ද පෙන්වා දී තිබේ. ප්‍රහාරය තනි මතයට මිසක පාළක රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රබලයන් පවා දැන නොසිටි බවට වවේචන එල්ලවී තිබේ. තවද අද ඇමෙරිකාවට හිරු පායනවිටම ලැබුණු පුවතින් සසලවූ ඇමෙරිකානු ජනතාව ප්‍රහාර වලට එරෙහිව වීදි බැස තිබේ.


ඉරානයේ ප්‍රතචාර මෙන්ම රැසියාව හා චීනය මෙහදී කවර ස්ථාවරයක් ගනීද යන්න දැන් ලොවම බලා සිටින තත්වය වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...