පෙරටුගාමී සමාජවාදී පක්ෂ මූලස්ථානයට පොලිසිය කඩාපනී ! (VIDEO)

Date:

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මූලස්ථානයට ඊයේ (21) දිනයේදී පොලිස් කණ්ඩායමක් බලහත්කාරයෙන් කඩාවැදී ඇති බව වාර්තා වේ.

මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ සහ වැල්ලවත්ත පොලිසියේ නිලධාරීන් පිරිසක් මෙසේ ජීප් රථ දෙකකින් සහ යතුරුපැදියකින් පැමිණ, නුගේගොඩ පිහිටි පක්ෂ මූලස්ථානයට බලහත්කාරයෙන් ඇතුළු වී ඇති අතර එහි සිටි පක්ෂ සාමාජිකයින් ඊට විරෝධය පළ කරද්දී පොලිසිය පවසා ඇත්තේ වරෙන්තුකරුවෙකු අත් අඩංගුවට ගැනීම සඳහා පැමිණි බවකි.

එහෙත් වරෙන්තුකරු කවුරුන්දැයි විමසීමේදී පොලිසිය සතුව ඊට පිළිතුරක් නොතිබුණු බවත් පක්ෂ සාමාජිකයින්ගේ විරෝධය හමුවේ ඔවුන් ආපසු හැරී ගිය බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටුවත්තේත් වෙඩිතැබීමක්. පුද්ගලයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල රාගම, බටුවත්ත ප්‍රදේශයේදී ඊයේ (ජුලි 03)...

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...