ගෝඨාභය ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් බවට මැතිවරණ කොමිසමට තහවුරු කළේ නෑ – රත්නජීවන් හූල් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

Date:

2019 ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා, ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් බව තහවුරු කිරීම සඳහා අවශ්‍ය කිසිදු ලේඛනයක් ඉදිරිපත් නොකළ බව මැතිවරණ කොමිසමේ හිටපු සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දිවුරුම් ප්‍රකාශයක් මගින් දැනුම් දී තිබෙනවා.

පසුගිය ජනාධිපතිවරණයේදී එවකට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ක්‍රියා කළ ආකාරය හේතුවෙන් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට නොහැකි වූ බව පවසමින් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම ඊයේ විභාගයට ගත් අවස්ථාවේදී රත්නජීවන් හූල් මහතා මෙම දිවුරුම් ප්‍රකාශය ඉදිරිපත් කළේය.

හූල් මහතා සිය දිවුරුම් ප්‍රකාශය හරහා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ ජනාධිපතිවරණ නීතිය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව, ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන සියලු අපේක්ෂකයන් ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා නුසුදුස්සෙකු නොවන බවට තහවුරු කළයුතු බවයි. කෙසේ නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් බව තහවුරු කිරීම සඳහා අවශ්‍ය කිසිදු ලේඛනයක් ඉදිරිපත් නොකළ බවත්, මේ සම්බන්ධයෙන් නිසි පරිදි විරෝධතා එල්ල වූයේ නම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අපේක්ෂකත්වය ප්‍රතික්ෂේපවීමට ඉඩ තිබූ බවත් හූල් මහතා පවසනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි බවට ජනාධිපතිවරණ සමයේදී පාර්ශ්ව රැසක් තර්ක ඉදිරිපත් කළ නමුත්, ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා බාරදුන් කිසිදු අපේක්ෂකයෙකු, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් විරෝධතා ගොනුකර නොතිබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් ගුවන් අනතුරක් 99න් බේරෙයි:මගීන් 191 දෙනා දැඩි අපහසුතාවට!

රෂිකා හෙන්නායක ජූනි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ෂැන්හයි නුවර...

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...