මම නැග්ගේ ගිලෙන නැවකට නෙවෙයි වේගයෙන් පැද්දෙන නැවකට.ඒ පැද්දිල්ල මම නතර කරනවා!(VIDEO)

Date:

තමන් පාර්ලිමේන්තුවට පැමිණියේ රටේ ප්‍රශ්නයක් පවතින හෙයින් වන අතර දැන් කළ යුතු වන්නේ එම ප්‍රශ්නයට පිළිතුරු සෙවීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවෙන් පිටතදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

තමන් පැමිණි කාර්ය භාරය ඉටුකර එම අභියෝගය ජයගත හැකි බවත් තමන් නැග්ගේ ගිලෙන නැවකට නොව වේගයෙන් පැද්දෙන නැවකට බවත් තමන්ට එම පැද්දල්ල නතර කිරීමට හැකිවනු ඇති බවත් ධම්මික පෙරේරා මහතා සඳහන් කරන ලදී.

යුද්ධය පැවති කාලයේදීද තමන් ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ අත්දැකීම් අනුව මේ මොහොතේදීද රටට අවශ්‍ය ආයෝජන ගෙන ආ හැකි බවට විශ්වාසයක් පවතින බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

ධම්මික පෙරේරා මහතා මාධ්‍ය වෙත කළ සම්පූර්ණ අදහස් දැක්වීම පහත වීඩියෝවෙන් නරඹන්න

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...