හිරුණිකා : වඩා ගිනි ඇවිලෙන සුළුයි ….

හිරුනිකාගේ සීන් එක ගැන මෙච්චරයි. අද රනිල්ගේ ගේ ළඟට ගෑණි එන්නේ මෙගා ෆෝන් එකක් වත් නැතුව. සාරි පොට හද හද අමුවෙන් යටි ගිරියෙන් කෑ ගහනවා. අමුවෙන්. පිස්සුවෙන් වගේ.

මේක පොඩ්ඩක් අර වෘත්තියම අරගලකරුවන් ගෙන් වෙනස්. ඒක තමයි මේකේ අනුරාගමය පැත්ත.

වෘත්තීය අරගලකරුවන් එන්නේ මෙගාෆෝන් සෙට් කරගෙන. කඳුළු ගෑස් මාස්ක් සෙට් කරගෙන. මොබයිල් ෆෝන් දාගන්න වතුර ඇතුලට යන්නේ බෑග් සෙට් කරගෙන. ඒක තමයි වෘත්තීයමය බව. හැබැයි ඒකෙ අනුරාගය වෙනුවට තියෙන්නේ පොඩි යාන්ත්‍රික බවක් (programmed). රොබෝ ගතියක්.

මම කියන්නේ එයාල ඕනි නැහැ කියල නෙවෙයි. හිරුනිකා වඩා ගිනි අවුලන සුළුයි කියල (highly inflammable). ඒ නිසා වඩා බියවිය යුතුයි.

ඒ අමු හඬට පුළුවන් පිරිමි ලෝකේ අවුස්සන්න. ෂෙඩ් ළඟ දවස් ගණන් ලතවෙන පිරිමි පුළුං ආත්මයට ගිණි තියන්න.

ඒ ඇවිළෙන සුළු ගතිකය නිසා මිරිහානේ ඇවිලුනා. මම දන්නේ නැහැ මේකත් ඇවිලෙයිද කියල.

ලෙනින් කියන්නේ අතට අහුවෙන ඕනි දෙයකින් දමල ගහන්න කියල.

ගැහැණියෙක් යක්ෂණියක් වෙන එක හැමෝම මේ වෙනකොට ලියන තියන නිසා ඒක ලිව්වේ නැහැ.

හුඟක් අය කියනවා ඒක ගොංපාට් වගේ කියල. ගොංපාට් සීරියස් වෙන්න වැඩි වෙලා යන්නේ නැහැ ….

  • මහේෂ් හපුගොඩ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා – තායිලන්ත සබඳතා දැඩි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : විදේශ කටයුතු, විදේශ...

බාන්ස් පෙදෙසේ දේපළ වංචාව: සැකකරු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : කොළඹ 07,...

සෞදි අරාබියේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විමසිලිමත්ව සිටින ලෙස දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : සෞදි අරාබියේ බටහිර...