පුද්ගලයන් 1000කට මරු කැඳවූ ඇෆ්ගන් භූමිකම්පාව …

ඇෆ්ගනිස්ථානයේ පක්ටිකා පළාතට රිශ්ටමාපකාංග 5.9ක මාරාන්තික භූ කම්පනයක් ඇතිවී තිබේ. ඉන් මිය යන ලද සංඛ්‍යාව 1000 පමණ වන බවත් තුවාල සිදුවන ලද සංඛ්‍යාව 1500 පමණ වන බවත් පක්ටිකා පළාතේ තොරතුරු ප්‍රධානී මොහොමඩ් අමීන් හසිෆි BBCයට පවසා ඇත.නිවාස සිය ගණනක් විනාශ වී ඇති අතර මරණ සංඛ්‍යාව හා තුවාල ලැබූ සංඛ්‍යාව තව දුරටත් ඉහළ යනු ඇතිබව BBC ආරංචිමාර්ග නිවේදනය කර තිබේ.

ගිනිකොනදිග නගරයක් වන Khost සිට කි.මී 44ක් (සැතපුම් 27) පමණ දුරින් මෙම භූමිනම්පාව සිදු වී ඇති අතර ජාතියේ නැඟෙනහිර විපතට පත් ප්‍රදේශවලට කඩිනමින් ආධාර සපයන ආයතනවලින් ඉල්ලා සිටියි. සිදුව ඇති හානිය මෙතෙක් ගණනය කර නොමැත. දුරබැහැර ප්‍රදේශවල විපතට පත් වූවන් හෙලිකොප්ටර් මගින් රෝහල් වෙත රැගෙන යමින් තිබේ. එමෙන්ම ගොඩනැගිලි අතර සිරවූවන් සොයා සහන කණ්ඩායම් ද ක්‍රියාත්මක වෙමින් තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

සිදුව ඇති හානිය හේතුවෙන් ජංගම දුරකතන කුළුණුවලට හානි සිදුවීම හේතුවෙන් සන්නිවේදන දුෂ්කරතා ඇතිවී ඇති බැවින් මරණ සංඛ්‍යාව තව දුරටත් ඉහළ යාමේ හැකියාව ඇති බවයි ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු BBCය වෙත ප්‍රකාශ කර තිබුණේ.

සශිකලා මධුෂාණී – අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...