*
Friday, March 29, 2024
spot_img

Latest Posts

ඉන්ධන මිල යළි ඉහළට! අගමැති රතු එළි දල්වයි.

නැවත වරක් ඉන්ධන මිල ඉහළ යනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (22) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසුවේය.

පසුගිය සතියේදී රුසියාව යුරෝපයට ගෑස් දීම අත්හිටුවීමත් සමඟ මිල ගණන් ඉහළ යාම නිසා එම අනතුර ලෝකයේ අනෙකුත් රටවලටද බලපාන බවයි අගමැතිවරයා සඳහන් කළේ.

“ අපි බලන්නේ තෙල් ලබලා දෙන්න රට ගෙන යන්නට. දැන් තෙල් මිල ආපහු වැඩි වෙන්නට ඕන. ගිය සතියේ රුසියාව යුරෝපයට ගෑස් දෙන එක නැවත්තුවා. ඒකෙන් ගෑස් මිල යි තෙල් මිල යි වැඩි වෙනවා. රුසියාව හා යුක්‍රේනය අතර පවතින යුද්ධය නිසා ඇතිවෙලා තිබෙන අතත්ත්වයක්. එංගලන්තයේ 30%කින් 40%කින් වැඩි වෙයි කියලා. එතකොට අපේ මිලියන 500 අපි යොදව ගන්න ඕන ඒක අපිට හැකි ප්‍රමාණයකට තෙල් ගේන්න. ඒක අපේ අතේ නෑ. ඒක ලෝකේ යුක්‍රේන යුද්ධය නිසා ඇති වෙලා තියෙන තත්ත්වයක්. පොහොර අර්බුදය විසඳීමට අවශ්‍ය පියවර එන සතියේදී ආහාර සුරක්ෂිතතා කමිටුවෙන් පාර්ලිමේන්තුවට දැනුම් දෙයි. 2022/23 මහකන්නයේ වී වගාව සඳහා යූරියා මෙට්‍රික් ටොන් 150,000ක් MOPමෙට්‍රික් ටොන් 36,000ක් ආනයනය කිරීම සඳහා මේ වන විටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන ඒ අනුව ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව හා වෙනත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන වෙතින් මූල්‍ය පහසුකම් ලබාගැනීම සඳහා සාකච්ජා දැනටමත් ආරම්භ කරලා තිබෙනවා. මෙහිදී දැනටමත් යූරියා මෙට්‍රික් ටොන් 150,000ක් සපයා ගැනීම සඳහා ප්‍රසම්පාදන කටයුතු සඳහා ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කරලා තිබෙනවා. යල සහ මහ කන්න සඳහා ඉන්දීය රේඛීය ණය ක්‍රමය යටතේ යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000ක් ලබා ගැනීම සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා. ඒ අනුව ඉදිරි දින වලදී එම පොහොර ලබා ගෙන ගොවියන්ට ලබා දීමට ක්‍රියා කරනවා.”

මේ අතර, නව අයවැයෙන් රුපියල් බිලියන 200ක සහනාධාර වෙන් කරන බවයි අගමැතිවරයා සඳහන් කළේ.

ලෝක බැංකුවේ මූල්‍ය පහසුකම් යටතේ පවතින අයෝජන හරහා ලැබුණු මුදල් යොදා ගෙන මාස දෙකක් සඳහා අවශ්‍ය ගෘහස්ථ ගෑස් මිල දී ගැනීමට මේ වන විට කටයුතු ආරම්භ කර ඇති බවද වික්‍රමසිංහ මහතා කියාසිටියේය.

මේ අතර, මෙරට ආර්ථික අර්බුදය සහ ඉදිරිදී ලබා දෙන සහන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉන්දියාවේ ඉහළ පෙළේ නිලධාරීන් තිදෙනෙකු හෙට (23) දිවයිනට පැමිණීමට නියමිත බවද මෙහිදී කියැවුණි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan