ඩෙංගු:තත්ත්වය භයානකයි – ඩෙංගු මර්දනයට ජනතාව තවමත් සූදානම් නැද්ද?

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: මේ වන විට ඩෙංගු රෝගීන් වාර්තා වීම සිඝ්‍රයෙන් වැඩි වෙමින් තිබෙන අතර එය වසංගතයක් දක්වා පැතිරීමේ දැඩි අවධානමක් මතුව තිබෙන බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

කෙසේවෙතත් පවතින තත්ත්වය අනුව ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කරමින් එය මර්දනය කරගැනීම සඳහා මහජනතාව තවමත් නිසි සූදානමක් නොමැති බව පෙනෙන්නට ඇති බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ කොළඹ දිස්ත්‍රික් සහාපති අමිත් කුමාර මහතා පවසන්නේ.

”මේ දක්වා අපිට නිරීක්ෂණය වූ කරුණ තමයි මහජනතාව තවම ඩෙංගු වළක්වා ගැනීමට සූදානමක් නැහැ. පරික්ෂා කරන ආයතන , නිවාස සහ අනෙකුත් ස්ථාන බොහෝ ප්‍රමාණයක පාහේ මදුරු කීටයන් වාර්තා වීම පුළුවන් වෙනවා. මදුරු කීටයන් වාර්තා වෙන ආකරය දුටුවම අපට පෙනෙන්නේ මහජනතාවට ඩෙංගු මර්දනය කිරීම සඳහා කිසිම සූදානමක් නැහැ කියල. මේක දඩ ගහල දුම ගහල ඩෙංගු මර්දනය කිරීම කරන්න බැහැ. අනිවාර්යයෙන් මහජනතාව මේකට සූදානම් වෙන්න ඕනේ. ඒ නිසා මේ වෙලාවේ අනිවාර්යයෙන්ම මොහොතක් සිතල සුපරීක්ෂාකාරීව තමන්ගේ පරිශ්‍රය, ආයතන සහ පොදු ස්ථාන පිරිසිදු කරගැනීමක් කරන්න වෙනවා. මදුරු ගහනය පාලනය කරගැනීමකින් තොරව ඩෙංගු මර්දනය කරගන්න බැහැ. ඒ ගැන ඔබේ අවධානය කාරුණිකව යොමුකරන මෙන් ඉල්ලනවා.”

ඒ අනුව මේ වන විට වසරේ ගෙවුණු කාලය තුළ ඩෙංගු රෝගීන් 46000 ඉක්මවා තිබෙන අතර මරණ 28ක් සිදුව තිබේ.

කොළඹ, ගම්පහ, කළුතර, නුවර,ගාල්ල, හම්බන්තොට, මාතර, මඩකලපුව, පුත්තලම, කුරුණෑගල, බදුල්ල, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලින් රෝගීන් වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබෙන අතර වැඩිම රෝගීන් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහනගර සභා බල ප්‍රදේශයෙනි.

ජූනි මාසයේ මේ දක්වා ඩෙංගු රෝගීන් 12196ක් වැනි ඉහළ අගයක් වාර්තා වීම තුළ ඩෙංගු ව්‍යාප්තියේ බරපතලකම පෙන්වා දී තිබෙන බවයි සෞඛ්‍ය අංශ තවදුරටත් සඳහන් කරන්නේ.

2017 වර්ෂයේ පැවති වෛරස් කාණ්ඩයම 2026 වසරේදී නැවත පැමිණ තිබීම හේතුවෙන්, මිනිසුන් තුළ ඒ සඳහා ප්‍රමාණවත් ප්‍රතිශක්තියක් නොමැති වීම ද ආසාදිතයින් වැඩි වීමට බලපා ඇති බව මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නජිත් සුමනසේන මහතා පෙන්වා දෙයි.

“සමීක්ෂණ දත්තයන්ට අනුව අපිට පෙනුනා ජනවාරි මාසේ, පෙබරවාරි මාසේ එනකොට, මාර්තු මාසයේදී ක්‍රම ක්‍රමයෙන් බිටෝ දර්ශකය වර්ධනය වෙමින් පැවතුනා. අප්‍රේල් මාසේ වෙනකොට බිටෝ දර්ශකය බොහෝ ප්‍රදේශවල සියයට 25කට වැඩි තත්ත්වයකට තිබුණා සෑම ප්‍රදේශයකම. ඉතින් මේ තත්ත්වය අපි අප්‍රේල් මාසයේ විතර දැනුම් දුන්නා. නමුත් ඒ දැනුම් දීමට අනුව ඩෙංගු මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂකතුමා විසින් අදාළ පළාත්වලටත් දැනුම් දෙනවා. නමුත් මේ දැනුම් දුන්නම ඒ කොට්ඨාසවල සමහර නිලධාරීන් අතින්, ඒ අදාළ බලධාරීන් අතින් මේ සම්බන්ධව යම් තීන්දු තීරණ ගැනීමේ ප්‍රමාදයක් සිද්ධ වුණා. සමහර ප්‍රදේශවල ඒ සම්බන්ධව අපේ වාර්තා අනුව කටයුතු කරපු ප්‍රදේශත් තියෙනවා, නැති ප්‍රදේශත් තියෙනවා. මේ වසංගත තත්ත්වය පුරෝකථනය කරලා, ඉදිරි අනාගතයේදී මේ තත්ත්වය එන්න ඉඩ තියෙන බව දැන දැනත් ඒ සඳහා ගත්ත ක්‍රියාමාර්ග ප්‍රමාද වීම හේතුවෙන් තමයි මේ ජුනි මාසේ වෙනකොට මේ තරම් විදිහට ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීම ඉහළ යන්න හේතුවක් වෙන එක හේතුවක්.” ලෙස ඔහු තවදුරටත් ප්‍රකාශ කරයි.

මේ අතර වේගයෙන් වර්ධනය වෙමින් තිබෙන ඩෙංගු ව්‍යාප්තිය පාලනය වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධන බලකායක් ස්ථාපිත කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද ඉල්ලා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...

එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...

දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකා මහජන...