Breaking News: බ්‍රිතාන්‍ය ‍ දේශපාලනයේ පෙරළියක්; ස්ටාමර් සිය අගමැති ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

සටහන – පුලී

ජූනි 22, LNW (කොළඹ): බ්‍රිතාන්‍ය අගමැති Keir Starmer අද 10 ඩවුනිං වීදිය ඉදිරිපිට විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සිය අගමැති ධුරයෙන් සහ කම්කරු පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කළේය.

තමන් ධුරයේ සිටි කාලය පුරා ගත් සෑම තීරණයක්ම “මා ආදරය කරන රටට මුල් තැන දීම” සඳහා ගත් බව ස්ටාමර් පැවසීය.

එමෙන්ම ඔහු සිය බිරිඳ වික්ටෝරියා (Vic) ස්ටාමර් වෙත ස්තුතිය පළ කරමින්, ඇය තම ජීවිතයේ “ශක්තිමත් ආධාරකය” වූ බව සඳහන් කළේය.

ස්ටාමර් සිය කථාවේදී තම දරුවන් ගැනද සංවේදීව අදහස් දක්වමින්, “මගේ ලස්සන දරුවන් මගේ අභිමානය සහ සතුටයි. ඔවුන්ට හැකි හොඳම පියා වීමට මට අවශ්‍යයි” යනුවෙන් ප්‍රකාශ කළේය.

මේ අතර, අගමැති ධුරයට පත්විය හැකි ප්‍රධාන අපේක්ෂකයෙකු ලෙස සැලකෙන Andy Burnham අද වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තුවේදී Makerfield මැතිවරණ කොට්ඨාසයේ නව මන්ත්‍රීවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය. ඔහු පසුගිය සතියේ පැවති අතුරු මැතිවරණය ජයග්‍රහණය කළේය.

ස්ටාමර්ගේ මෙම ඉල්ලා අස්වීමත් සමඟ බ්‍රිතාන්‍ය දේශපාලනයේ නව පරිච්ඡේදයක් ආරම්භ වනු ඇත.

අපගේ පුවත් වෙබ් අඩවිය වන LNW විසින් මීට පෙරම පවතින දේශපාලන තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් එක්සත් රාජධානියේ අගමැතිවරයා වෙනස් විය හැකි බවට පුරෝකථනය කරමින් වාර්තා කර තිබුණි. දැන් මෙම ඉල්ලා අස්වීමත් සමඟ අප විසින් පෙර සඳහන් කළ එම අපේක්ෂාවන් තහවුරු වී තිබේ.

එමෙන්ම මෙම නවතම ඉල්ලා අස්වීම සමඟම එක්සත් රාජධානියේ දේශපාලන අස්ථාවරතාව තවදුරටත් ඉස්මතු කරනු ඇත. 2010 වසරේ සිට මේ දක්වා එක්සත් රාජධානියේ අගමැතිවරු සත්දෙනෙකු පමණ වෙනස් වී ඇති අතර, මෙය නිතර නායකත්ව වෙනස්වීම් සහ දේශපාලන අස්ථාවරතාවය පෙන්නුම් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජාංගනයේ වාන් දොරටු 16ක් විවෘත කරයි.මහවැලි ගඟ ආශ්‍රිතවත් සුළු ගංවතුර අවදානමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජාංගන ජලාශයේ වාන් දොරටු 16ක් විවෘත කර...

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...