Titan සබ්මැරීනයේ කතාව යටගියාවක් වේද?

Date:

අත්ලාන්තික් සාගර පතුළෙහි පිහිටි ටයිටැනික් නෞකාවේ විනාශයට පත් සුන්බුන් සොයා ගිය ඒ සබ්මැරීනය නමින් Titan ය. නමුත් මේ වන විට මෙම සබ්මැරීනය අතුරුදන්ව පවතී. එයට සිදුව ඇත්තේ කුමක්ද යන්න අභිරහසකි.

සබ්මැරීනයෙහි වූවන් මේ මොහොතේ ජීවතුන් අතර සිටී නම්, ඔවුන් අඳුරේ ඔක්සිජන් නොමැතිව, දුගඳ ගසමින්, වමනය, මුත්‍රා යනාදියෙන් වට වී සිටිය යුතුය. ඔවුන් සිහසුන්ව හෝ කරකියාගත නොහැකි අසරණකමකින් සිටිනවා විය යුතුය. නමුත් අවාසනාවන්තම සිදුවීමනම් මේ වන විට එහි ඔක්සිජන් මට්ටම හීනගොස්ව ඇති බව එරට වෙරළාරක්ෂක බලකාය වාර්තා කර ඇත. ඔක්සිජන් නොමැතිව මනුස්සයෙක්ට ජීවත් වීමට බැරි බව ඔබත් මමත් දන්නා කරුණක්!

සබ්මැරීනයක් තුළ නැගී සිටීමට ඉඩක් නැත, එබැවින් ඔවුන් මාංශ පේශිවල ඇතුවන වේදනාවන් සහ හුස්ම ගැනීමේ ගැටළු අත්විඳිය යුතුය.

නාවික හමුදාව සහ අනෙකුත් ගලවා ගැනීමේ කණ්ඩායම් අතුරුදන් වූවන් සොයා ගැනීමට උත්සාහ කරන නමුත් සෙවීමේ ප්‍රතිඵලය අවිනිශ්චිතය.

නමුත් අත්ලන්තික් සාගරයෙහි සබ්මැරීනය සොයා දරණ ප්‍රයත්නයට ලොව සුපතල සෝනා තාක්ෂණයද භාවිතා කරයි.

කෙසේ වෙතත් මීටර් 3000ක් පමණ සාගර පතුළට යෑමට කටයුතු කළ Titan මේ වන විට පුපුරා ගොස් විනාශයට පත්ව ඇතැයි යන්නද ඇතැම් අය නිගමනය කරමින් පසු වේ.

සටහන – නිපුනි ලියනගේ



Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ 29 තෙක් යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: පසුගියදා අල්ලස් කොමිසම මගින්...

සමාජ මාධ්‍ය මඟින් අධිකරණ තීන්දුවලට බලපෑම් කිරීම පිළිබඳ BASL වෙතින් අනතුරු ඇගවීමක්!

කොළඹ LNW:අධිකරණ තීන්දු පිළිබඳ සමාජ මාධ්‍ය සහ යූටියුබ් නාලිකා...

ඉරානය යුදෙව් විරෝධී ප්‍රහාර මෙහෙයවන බවට ඕස්ට්‍රේලියාවෙන් චෝදනා..

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස්,...

අද බන්ධනාගාරගතව සිටින්නේ රට තිරණාත්මක මොහොතේ බේරාගත් නායකයා – රුවන් විජයවර්ධන

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා විසින්...