මහපොළ දීමනාව ඇයි ප්‍රමාද ?

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (22) දින  විශ්ව විද්‍යාල සිසුන් පිරිසකට මහපොළ දීමනාව ලැබීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී අවධානය යොමු වූ අතර ඉමිතියාස් බාකීර් මාකර් මන්ත්‍රීවරයා විසින් අදාළ ගැටලුව යොමු කරමින් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ රට තුළ පවතින ආර්ථික තත්ත්වය හමුවේ විශ්ව විද්‍යාල සිසුන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා සඳහන් කළේ, මෙම තත්ත්වය හේතුවෙන් සිසුන් සියදිවි නසා ගැනීම් සඳහා ද යොමුව ඇති බවයි.

විශ්ව විද්‍යාල සිසුන් 15,000කට පමණ මහපොළ ශිෂ්‍යාධාරය ලබාදීමේ ප්‍රමාදයක් සිදුව ඇති බවයි ඊට පිළිතුරු ලබාදෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ.

අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූවේ , එම මුදල් කඩිනමින් ලබා දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති නමුත් මහපොළ ශිෂ්‍යත්ව අරමුදලේ පවතින මුදල් අදාළ ගෙවීම් සිදු කිරීම සඳහා ප්‍රමාණවත් නොවීමේ තත්ත්වය තුළ අවශ්‍ය ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයෙන් ලබා ගැනීමට සිදුව ඇති බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...