පොල් කටු අපනයනයෙන් වසරකට ඩො. මි.300ක ආදායමක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 23 , කොළඹ (LNW):

මෙරටට වසරකට ඩොලර් මිලියන 300ක ආදායමක් පොල් කටු අපනයනය කිරීමෙන් පමණක් ලැබෙන බව, පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා පවසයි.

පොල් කටුවලින් චාකෝල් නිෂ්පාදනය කර සක්‍රිය කාබන් ලෙස අපනයනය කෙරෙන බවත්, පොල් කටු වැඩි වශයෙන් අපනයනය කෙරෙන්නේ ඇමරිකාවට බවද ඔහු කීවේය. පොල් කටු කිලෝවක් රුපියල් 36ක් වැනි මිලකට සක්‍රිය කාබන් නිෂ්පාදනය සඳහා මිලදී ගැනෙන බවද ඔහු පැවසීය.

පොල් කටු සඳහා විදේශ වෙළෙඳපොළේ විශාල ඉල්ලුමක් පවතින බැවින් පොල් කටු විනාශ නොකර ඒවා ආදායම් උපයාගත හැකි මාර්ගයක් ලෙස භාවිතා කිරීමට හැකි බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි. මෙරට වාර්ෂික පොල් නිෂ්පාදනය ගෙඩි බිලියන 03ක් බවද පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිර තමුසෙ මහ සවුත්තු මිනිහෙක් ! – රටේ රාළ

Lanka News Web අඩවියේ " විපක්ෂ නායක සජිත්ගේ සම...

විහිළුකාරයො හිතාගන්න බැරි තරම් සංකීරණයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy...

ග්‍රීන් අන්තිම සටනේදී බ්ලූ පරදවයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: අවසාන තරගය දක්වාම පෙරමුණ...

පසුගිය රජයේ ප්‍රබල නිලධාරියෙක් 27 අත්අඩංගුවට ?

පසුගිය රජය සමයේ ඉහළම රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් කටයුතු කළ...