බ්‍රිතාන්‍යයේ මැතිවරණයට ලොව ප්‍රථමවරට AI අපේක්ෂකයෙක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 23 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ලොව ප්‍රථමවරට කෘතිම බුද්ධියෙන් නිර්මාණය කළ අපේක්ෂකයකු බ්‍රිතාන්‍යයේ මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහුගේ නාමය AI ස්ටීව් ලෙස ඡන්ද පත්‍රිකාවල සඳහන් වීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.

ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස මෙවර මැතිවරණයට ඉදිරිපත්වන 59 හැවිරිදි අපේක්ෂක ස්ටීව් එන්ඩකොට් සිය මැතිවරණ ප්‍රචාරණ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ AI ස්ටීව් නම් කෘත්‍රීම බුද්ධි චරිතය පාදක කරගෙනය. එමෙන්ම එන්ඩකෝට්ගේ ඡන්ද පත්‍රිකාවේ සටහන් වීමට නියමිතව ඇත්තේ AI ස්ටීව් ලෙස නිර්මාණය කළ මුහුණ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

ස්ටීව් එන්ඩකොට් නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට සැලසුම් කරමින් සිටින අතර ඊට තවත් AI අපේක්ෂකයින් බඳවාගැනීම ඔහුගේ අපේක්ෂාව බව සඳහන් වේ. යම් හෙයකින් ස්ටීව් මෙවර මැතිවරණය ජයගතහොත් ඔහු ලොව පළමු AI නීති සම්පාදකයා බවට පත්වීමේ අවස්ථාවක් පවතින බව ජාත්‍යන්‍තර මාධ්‍ය වාර්ටා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා මරණ 607 ක් දක්වා ඉහළට: වැඩිම මරණ මහනුවරින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඉකුත් දා ආපදා...

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 157කින් සම්මතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : 2026 අයවැය තෙවන...

ගෙදර නාය ගියා කියද්දී බිත්තිත් ගියාද අහන්න එපා. රට ගොඩගන්න ඕනේ නම් වැඩේට බහින්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ව්‍යසනය ගැන තවදුරටත්...

ගංවතුරට හසු වූ මුදල් නෝට්ටු ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මාර්ගෝපදේශ මාලාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා මහ බැංකුව...