ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිර්‍රම, පැත්තක ඉන්න ලංකාවට බලපානුයේ කෙසේද?

Date:

සටහන – පුලී
ජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම සහ ඉරානයේ මෙම ක්‍රියාකලාපය ඔස්සේ ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑම පිළිබඳ අද අපි ඇස් යොමා බලමු!

හෝමූස් සමුද්‍ර සන්ධිය ගෝලීය වශයෙන් වැදගත් වන්නේ ඇයි?

ලෝකයේ තෙල් සැපයුම අතින් ආසන්න වශයෙන් 20% ක් සහ ගෝලීය LNG සැපයුම් වලින් තුනෙන් එකක් පමණ මෙම පටු මාර්ගය හරහා සෑම දිනකම ගමන් කරනු ලබන අතර, එය වසා දැමීමක් අර්ධ වශයෙන් වුවද ගෝලීය බලශක්ති සැපයුම කඩාකප්පල් කළ හැකි ක්‍රියාවක් වනු ඇත. එපමණක් නොව එමඟින් බොරතෙල් මිල ඉහළ යා හැකි අතර ලොව පුරා උද්ධමන පීඩනයන් ඇති කළ හැකිය.

ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයනය සහ උද්ධමනය කෙරෙහි බලපෑම?

• ශ්‍රී ලංකාව එම මාර්ගය ඔස්සේ ඉන්ධන, ප්‍රධාන වශයෙන් ඛනිජ තෙල් නිෂ්පාදන 100% ක් පමණ ආනයනය කරයි! – ගෝලීය බොරතෙල් මිල ඉහළ යාම සෘජුවම ඉහළ මිල ගණන් සහ ප්‍රවාහන වියදම් සඳහා ශ්‍රී ලංකාවට සෘජුවම බලපානු ඇත.

• ආහාර, උපයෝගිතා සහ අත්‍යවශ්‍ය භාණ්ඩ හරහා උද්ධමනයක් ඇති වීමට බලපානු ඇත. – දැනටමත් ආර්ථික අස්ථාවරත්වය සමඟ පොරබදමින් සිටින ශ්‍රී ලංකාව වැනි රටකට මෙය බඩට වදින සැර පහරකි.

හූමෝස් අවහිර කිරීම මඟින් ශ්‍රී ලංකාවට එල්ල වන නැව්ගත කිරීමේ බාධා සහ ප්‍රවාහන බාධා;

• ශ්‍රී ලංකාවේ කොළඹ සහ හම්බන්තොට වරායන් ප්‍රධාන කලාපීය කාර්යභාරයක් ඉටු කරන අතර බොහෝ විට ගල්ෆ් කලාපයෙන් ප්‍රවාහනය කරන භාණ්ඩ හසුරුවාලීමට බාධා පැමිණෙනු ඇත.
• අප්‍රිකාව වටා තෙල් ටැංකි නැවත හරවා යැවීම හෝ විකල්ප නල මාර්ග හරහා ප්‍රවාහනයට දින, සති ගත වනු ඇත. එමඟින් භාණ්ඩ ප්‍රවාහන අනුපාත, රක්ෂණ වියදම් සහ අනෙකුත් ගාස්තු වැඩි වෙමින් ඉහළ ආනයන මිල ගණන් දැරීමට සිදු වනු ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සහ විදේශ විනිමය පීඩනය;

• මේ සියල්ල මූලිකව බලපෑමෙන් විදේශ මුදල් සංචිත සිඳී යනු ඇත – මිල අධික භාණ්ඩ ප්‍රවාහනය සමඟ ඒකාබද්ධව ඉහළ යන ආනයන බිල්පත් ශ්‍රී ලංකාවේ ජංගම ගිණුම් හිඟය තවත් නරක අතට හැරවිය හැකි ක්‍රියාවක් වනවා නියතය.
• රුපියල බාල්දු වීම සහ උද්ධමනය මඟින් පාරිභෝගික ඉල්ලුම අඩු කළ හැකි අතර ආර්ථික වර්ධනය මන්දගාමී විය හැකිය.

මෙවැනි ආර්ථික බලපෑම් ඔස්සේ හූමෝස් අවහිරය ශ්‍රී ලංකාවට එල්ල වන දැඩි පහරක් සේ ම සමස්ථ ගෝලීය ආර්ථිකයට ද මහත් බලපෑමක් ඇති කරනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ සෙල්ලමින් විදේශ ආධාර අර්බුදයක – නාමල්ගෙන් අනතුරු ඇඟවීමක්!

කොළඹ LNW:ආණ්ඩුව තවදුරටත් විගණකාධිපති තනතුරට පත් කිරීමක් සිදුනොකර කරන...

ට්‍රම්ප් ඇමතූ ඩලස් !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31,, කොළඹ LNW : ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සමාජීය අභියෝග අභිබවා ඉන්දියාව ජපානයත් පහුකරගෙන ලොව බලවත් සිව් වන ආර්ථිකය බවට පත්වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉන්දියාව ජපානය අභිබවා ලොව සිව් වන විශාලතම...

කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර...