කොළඹ දකුණ සහ මහනුවර අපරාජිතව පෙරට – පුලීෂගෙන් ශතක යුගලයක්

Date:

නිශ්මං රණසිංහ ජුනි 23, කොළඹ LNW:

වයස අවුරුදු 19 න් පහළ මෙරට ක්‍රියාත්මක ප්‍රධානම ජාතික ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් යූත් ලීිග් 2025 ක්‍රිකට් තරගාවලියේ මේ දක්වා පැවති තරගවලදි කොළඹ දකුණ සහ මහනුවර කණ්ඩායම් තමන් සහභාගි වූ තරග දෙකම ජය ගැනීමට සමත් වුණා. මේ අතර මේ දක්වා තරගාවලියේ වාර්තා වූ ශතක තුනෙන් ශතක දෙකකට හිමිකම් කියන, තරගාවලියේ පළමු ශතකය සමඟ තරග දෙකේදීම ශතක වාර්තා කළ, මහනුවර කණ්ඩායමට ත්‍රිත්ව විද්‍යාලයෙන් එක් වූ පුලීෂ තිලකරත්න සමත්ව සිටිනවා.


මහනුවර කණ්ඩායම වෙතින් පළමු තරගයේදී පරාජය ලද ගාල්ල කණ්ඩායම පන්දු වාර 48.5 දී ලකුණු 246 ක් රැස් කළ ද,මහනුවර කණ්ඩායම වෙනුවෙන් ඉණිම ඇරඹූ පූලීස තිලකරත්න පන්දු 107 දී නොදැවී රැස් කරන්නට යෙදුණ ලකුණු 103 නිසා පන්දු වාර 43.2 දී කඩුලු 4 ක් දැවී ලකුණු 248 ක් ලබා කඩුලු 6 ක ජයක් ලබන්නට සමත් වුණා.එසේම ගාල්ල කණ්ඩායමට එරෙහිව පන්දුවෙන් දස්කම් දැක් වූ මහනුවර කණ්ඩායමේ කෙනුල පිහිලංග ලකුණු 32 ට කඩුලු 4 ක් දවා ගනිමින් කරන ලද පන්දු යැවීමද විශිෂ්ඨයි.


කොළඹ දකුණ කණ්ඩායමට සිය පළමු ජයග්‍රහණය සහතික කර ගැනීමට බලපෑවේ රෙහාන් පීරිස් විසින් නොදැවි රැස් කළ ලකුණු 91 සහ පන්දු යැවීමෙන් දහම් නිර්මාල් ලකුණු 21 ට කඩුලු 3 ක් සහ මලින්ත සිල්වා ලකුණු 31 ට කඩුලු 3 ක් දවා ගනිමින් පෙන්වන ලද දක්ෂතායි.මලින්ත සහ දහම් පෙරමුණ ගනිමින් පෑ දස්කම් නිසා කොළඹ උතුර කණ්ඩායමට රැස් කිරීමට හැකි වුණේ ලකුණු 153 ක් පමණයි.එම ඉලක්කය පන්දු වාර 31.5 දී කඩුලු 4 ක් දැවී පසු කරන්නට හැකි වුණේ රෙහාන් නොදැවී ලබා ගත් ලකුණු 91 නිසයි.


කොළඹ දකුණ සිය දෙවන තරගයට සහභාගි වූයේ දඹුල්ලට එරෙහිවයි.මෙහිදී පළමුව පන්දුවට පහර දුන් කොළඹ දකුණ කණ්ඩායම පන්දුවාර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 263 ක් රැස් කිරීමට සමත්වූ අතර ඊට එරෙහිව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුලු කණ්ඩායමට පන්දුවාර 42.3 ක් අවසනදී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 199 ක් පමණයි. කොළඹ දකුණ කණ්ඩායම වෙනුවෙන් ජේසන් ප්‍රනාන්දු ලකුණු 81 ලබමින් කැපී පෙණෙන ඉණිමක් දියත් කළ අතර දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් පරාජය වළක්වා ගැනීමේ සටනක් දියත් කළ නවෝද්‍ය සමරසිංහ ලකුණු 55 ක් රැස් කරන්නට සමත් වුණා.දඹුල්ල කණ්ඩායම ලකුණු 199 ට සීමා කරන්නට පෙරමුණ ගත් පන්දු යවන්නා වූ හිරුෂ ප්‍රනාන්දු ලකුණු 32 ට කඩුලු 4 ක් දවා ගැනීමට සමත් වුණා.


මේ තරගාවලි ඉකිහාසයේ කණ්ඩායමක් ලද වැඩිම ලකුණු ප්‍රමාණය රැස් කරමින් මහනුවර කණ්ඩායම කොළඹ උතුර කණ්ඩායමට එරෙහිව ලකුණු 288 ක් රැස් කරන්නට සමත් වුණේ ආරම්භක කඩුල්ලට එකතු වූ ලකුණු 200 ක සබඳතාවයත් සමඟයි.පුලීෂ සිය දෙවන ශතකය ලබමින් පන්දු 133 දී ලකුණු 133 ක් රැස් කරන්නට සමත් වූ අතර දිමන්ත මහවිතාරණ ඔහුගේ ආරම්භක සඟයා වෙමින් ලකුණු 98 ක් රැස් කරන්නට සමත් වුණා.


එතරම් වාර්තාගත ලකුණු සංඛ්‍යාවක් වුව ඊට අභියෝග කිරීමේ උත්සාහයක් කොළඹ උතතුර කණ්ඩයම වෙතින් දකින්නට ලැබුණේ චාමික හීනටිගල ලබා ගත් ගකුනු 105 ක සටන්කාමී ශතකය සහ කිත්ම විදාන පතිරණ රැස් කළ ලකුණු 50 නිසයි.එහෙත් එම දායකත්වයෙන් කොළඹ උතුර කණ්ඩායමට රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 242 ක් පමණයි.මෙහිදී මහනුවර කණ්ඩායමට එරෙහිව කොළඹ උතුර කණ්ඩායම වෙනුවෙන් තරුෂ කොඩිකාර ලකුණු 48 ට කඩුලු 3 ක් සහ මහනුවර කණ්ඩායම වෙනුවෙන් උතුර කොළඹ සටන්කාමීත්වය දිය කර හරිමින් නිසල අබේරත්න ලකුණු 35 ට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආසියානු මාරුතවලට එරෙහිව බැදෙන ලංකාවේ ඩුබායි ආශිර්වාදය ෂැනොන්

නිශ්මං රණසිංහ ජුනි 23, කොළඹ LNW: ලංකාවෙ ජාතික කණ්ඩායමක් ජාත්‍යන්තර...

අක්මීමන වෙඩිතැබීමක් !

සටහන - රුවන් නෙළුගොල්ල ගාල්ල, අක්මීමන, වැවේගොඩවත්ත ප්‍රදේශයේදී අද (ජුනි...

සිරියාවේ පල්ලියකට එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 22 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 23; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියාවේ දමස්කස් හි...

බැටරියක් සහිත සූර්ය විදුලි පද්ධති සඳහා ගෙවීම් ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල බැටරියක් සහිත, වහල මත සවිකරන සූර්ය...