බන්ධනාගාර අධිකාරීවරුන් අද කොළඹට!

Date:

රෂිකා හෙන්නායක ජූනි 23, කොළඹ LNW :

අද (23) දින සියලු බන්ධනාගාර අධිකාරීවරුන් කොළඹට කැඳවා තිබෙන බව වාර්තා වේ. ඒ, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරුවේ අධිකරණ අමාත්‍යංශයේ පැවැත්වෙන සාකච්ඡාවක් සඳහායි.

අද පස්වරු 02.30ට තවත් සාකච්ඡාවක් බන්ධනාගාර මූලස්ථානයේදී පැවැත්වෙන බවද වාර්තා වන අතර, එම සාකච්ඡාව වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව බන්ධනාගාර ආරංචි පවසයි..

ඔහු එම තනතුරේ රාජකාරී ආරම්භ කිරීමෙන් අනතුරුව සියලු බන්ධනාගාර අධිකාරිවරුන් කොළඹට කැඳවා සිදු කරන පළමු සාකච්ඡාව මෙය වන බව ද වාර්තා වේ.

මේ අතර ප්‍රධාන බන්ධනාගාර කිහිපයක අධිකාරීවරුන් ස්ථාන මාරු කිරීමට එම දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී තිබෙනවා.

ඒ අනුව වැලිකඩ, කොළඹ රිමාන්ඩ්, මැගසින්, මහර, බෝගම්බර, බූස්ස ඇතුළු බන්ධනාගාර කිහිපයක අධිකාරිවරුන් එලෙස ස්ථාන මාරු කරනු ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. ඒ අනුව මහර බන්ධනාගාර අධිකාරිවරයා වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා ලෙස ස්ථාන මාරු කරනු ඇති බවද වාර්තා වේ.

බෝගම්බර බන්ධනාගාර අධිකාරිවරයා බන්ධනාගාර මූලස්ථානය වෙත ස්ථාන මාරු කිරීමට ද එම දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වූ අතර, එලෙස ප්‍රධාන බන්ධනාගාර කිහිපයක අධිකාරිවරුන් ස්ථාන මාරු කිරීමට අවධානය යොමු වී ඇත්තේ වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා ලබන මාසයේදී විශ්‍රාම යාමද සැලකිල්ලට ගනිමින් බව බන්ධනාගාර ආරංචි පැවසුවේය.

එම දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇත්තේ, බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රති සන්ධාන කිරීමේ අරමුණ ද පාදක කර ගනිමින් වඩාත් සුදුසු නිලධාරින් අදාළ බන්ධනාගාරවල ඉහළ පුටු සඳහා ස්ථාන මාරු කිරීමටයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අයවැය ඡන්දය අතරේ කොළඹ මහ නගරසභාවේ වංචා දුෂණ හොයන්න ජනාධිපති කොමිසමක් පත්කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි...

අපේ ආණ්ඩුවේ ඇමතිවරු කිසිවෙක් අල්ලස් කොමිසමට ගෙන්වලා නෑ. පැමිණිලිකරු තමයි ගෙන්වලා තියෙන්නේ – ටිල්වින්

වත්කම් බැරකම් පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහා තම පක්ෂයේ ඇමතිවරුන්...

වැසි තත්වයේ වෙනසක් – අද (31) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 31) දිනයේදී උතුර, නැගෙනහිර,...

හිටපු ඇමති ජොනී හැංගිලා. අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 5ක් යොදවයි

සටහන - රුවන් නෙළුගොල්ල සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින්...