පාර්ලිමේන්තුවෙන් ගිය ආචාර්ය සූරියප්පෙරුම මුදල් ලේකම් ධූරයට!

Date:

කොළඹ LNW:හිටපු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි මහින්ද සිරිවර්ධන මහතා පසුගිය දා එම ධූරයෙන් විශ්‍රාම ගියේය.

අනතුරුව එම තනතුර සඳහා නව පත්කිරීමක් කළ යුතුව තිබුණු අතර ඒ අනුව ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා තෝරාගෙන තිබීම නිසා ඔහු සිය මන්ත්‍රීධූරයට මෙන්ම ඔහු දැරූ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ධූරයට සමුදෙන ලදී.

විශ්‍රාම ගිය මහින්ද සිරිවර්ධන මහතා ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස වැඩභාර ගැනීමට නියමිතයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බන්ධනාගාරයෙන් ඇසෙන කතා..

රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ LNW: රක්ෂිත බන්ධනාගාර ගත කළ...

නව පොලිස්පතිවරයා සිය නිල රාජකාරී ආරම්භ කරයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ LNW: නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා...

දෙස් විදෙස් කෙළි බිමට විවර ශ්‍රී ලයන්ස් මුල් පුටුව තව දුරටත් කැළුම් සුජිත් ට

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජයේ 2025/2026...

වායු සමීකරණ උපකරණවල සැඟව මෙරටට ආ කුෂ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 14 කොළඹ LNW: රුපියල් කෝටි හතරක් පමණ...