සජින් වාස්ට වරෙන්තු!

Date:

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය අද (23) වරෙන්තු නිකුත් කළේය.

ඒ,රුපියල් ලක්ෂ 369කට ආසන්න ආදායම් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස්වරයා පවරා තිබූ නඩුවකට අදාළව අද දින අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙනි.

2010 සහ 2012 වසරවලට අදාළව ගෙවීමට නියමිත ආදායම් බදු නොගෙවීම් සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් 2023 වසරේදීමෙම නඩුව ගොණු කර තිබේ.

නඩුව අද කැඳවූ අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා සඳහන් කර සිටියේ වගඋත්තකරුට සිතාසි භාරදී තිබුණද ඔහු අධිකරණයට පැමිණ නොමැති බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය අදාළ සැකකරු අත්අඩංගුව ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කිරීමට නිකුත් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආසියානු නැඟී එන කාන්තා තරගාවලියේ පිටතට පේන ඇතුළත පරාජය

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ආසියානු නැඟී එන කණ්ඩායම්...

නීතිඥවරයා ඝාතනයට වෙඩික්කරුවන් ආ බවට සැක මෝටර් රථය ගාල්ලේ බද්දේගම ගිනි ගනිමින් තිබියදී සොයා ගැනේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 15, කොළඹ LNW : තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී...

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...