වැරැද්දක් කරලා තියෙනවා නම් දඬුවම් දෙන්න – අපි තමයි දුෂණයට,වංචාවට එරෙහිව නීති ගෙනාවේත්!

Date:

කොළඹ LNW:දුෂණයට,වංචාවට විරුද්ධ පක්ෂයක් ලෙස ඒවාට එරෙහිව නීති ගෙන ආවේ තමන් නියෝජනය කළ රජයෙන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසුවේය.

ඒ අනුව කිසියම් හෝ අයෙක් අයථා ලෙස වත්කම උපයා ඇත්නම් ඒ සම්බන්ධයෙන් විමර්ශන හොඳින් සිදුකර නීතිය හමුවට පමුණුවා දඬුවම් දීමේ වරදක නොමැති අතර දුෂණයට හා වංචාවට එරෙහි පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද ඊට සහය දැක්වීමට සූදානම් බවයි ඔහු සඳහන් කළේ.

”ජනතාව රවට්ටන්නේ නැතුව ඇත්තට කවුරු හරි වරදක් කරලා තියෙනවා නම් ඔවුන්ට එරෙහිව සාක්ෂි තියෙනවා නම් ඔවුන්ව නීතිය ඉදිරියට පමුණුවන්න. නීතියෙන් දෙන්න පුළුවන් දඬුවම් දෙන්න. ඒ සම්බන්ධයෙන් අපිත් පක්ෂයක් හැටියට උදව් කරන්න කැමතියි. මොකද අපි කවදාවත් පක්ෂයක් හැටියට දුෂණයට,වංචාවට එකඟ නැහැ. දුෂණයට,වංචාවට එරෙහිව නීති ගෙනාවේ අපේ රජය යටතේ. ඒක අපි පැහැදිලිව කියන්න ඕනේ. අපි දුෂණයට,වංචාවට විරුද්ධ දේශපාලන පක්ෂයක් හැටියට අපි ඉල්ලා සිටිනවා ඒ සියලු විමර්ශන කටයුතු හොඳින් ඉටුකරලා කවුරු හරි කෙනෙක් වරදක් කරලා තියෙනවා නම් ඒ පුද්ගලයා නීතිය ඉදිරියට පමුණුවල දඬුවම් දෙන්න.” යනුවෙන් කාරියවසම් මහතා තවදුරටත් පැවසුවේය.

සාගර කාරියවසම් මහතා මෙම අදහස් පළකළේ අද (23) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බත්තරමුල්ල ප්‍රධානබ් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...