ආර්ථික සුපර් මෑන්ලාගේ ඇත්ත අද හෙළිදරව් වෙලා.රටම සරණාගත කඳවුරක් වගේ – විපක්ෂ නායක

Date:

ශ්‍රී ලංකාව නිකුත්කළ ස්වෛරී බැඳුම්කරයක් සඳහා ආයෝජනය කළ අමෙරිකානු බැංකුවක් තම මුදල් සහ අදාළ පොලීය ගෙවන ලෙස ඉල්ලා මෑන්හැටන් හි පිහිටි දිස්ත්‍රික් අධිකරණයක නඩු පවරා ඇති අතර මේ අතිශය අවාසනාවන්ත තත්ත්වයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අද රටම සරණාගත කදවුරක් බවට පත්කොට ඇති බව කී විපක්ෂ නායකවරයා ඇලඩින්ගෙ පුදුම පහන තිබෙනවා යැයි කී ආර්ථික සුපර් මෑන්ලාගේ ඇත්ත අද හෙළිදරව් වන බවද කීය.

සමගි ජනබලවේගය පාර්ලිමේන්තුව වර්ජනය කිරීම ගැන අගමැති ප්‍රශ්න කරන බව කී ඔහු වසරක කාලයක් සිය ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය පුරප්පාඩුව තබාගෙන රාජපක්ෂලාට පහසුකම් සපයන්නෙකු ලෙස කටයුතු කළේ අගමැතිවරයා මිස සමගි ජනබලවේගය නොවන බවද කීවේය.

මිනිස්සුන්ගේ දුක් වේදනා නොදන්නා හිරිවැටුණු ආණ්ඩුව පාර්ලිමේන්තුව පුස්සක් බවට පත්කර ඇතැයිද පවසන ලදී.

අද විදෙස් අධිකරණ අබියස පවා රට විත්තිකරුවෙක් බවට පත් කර ඇති බව කී ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ පුණර්ජනනීය බලශක්ති නියෝජිත පිරිසක් සමග විපක්ෂ නායක විපක්ෂනායක කාර්යාලයේ පැවති රැස්වීමක දී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...