ඉදිරි සති තුනකින් පසු අත්‍යවශ්‍ය ඖෂධවල බරපතල හිඟයක්!

Date:

ඉදිරි සති තුන ඇතුළතදී රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ වර්ගවල බරපතල හිඟයක් නිර්මාණය වන බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ගිශාන්ත දසනායක මහතා පවසයි.

දැනට ඇතැම් ඖෂධ සඳහා භාවිත කරන ආදේශක ඖෂධ වර්ග ද ඉදිරි සති 3 ඇතුළතදී රෝහල් පද්ධතියෙන් අවසන් වනු ඇතැ බවයි දසනායක මහතා සඳහන් කරන්නේ.

පවතින හිඟය හේතුවෙන් තොග ගබඩා වලින් නිකුත් කරන්නේ ඇනවුම් කරන ප්‍රමාණයෙන් 20%ක පමණ ප්‍රමාණයක් බව ඔහු කියා සිටියි.

පවතින තත්ත්වය අනුව එම ප්‍රමාණය ද ඉදිරියේදී අඩුවනු ඇති බව හෙතෙම සඳහන් කරයි.

දැනට රෝහල්වලින් තෝරාගත් රෝගීන්ට පමණක් ඖෂධ දෙන අතර එහිදී වයසින් වැඩි රෝගීන්ට වඩා තරුණ රෝගීන්ට ප්‍රමුඛත්වය දෙන බව දසනායක මහතා සඳහන් කරයි.

සුනඛයන් සපා කෑමකදී ලබාදෙන එන්නත් දෙකම හිඟවී තිබෙන බවත්, සර්ප විෂට අදාළ ප්‍රතිසර්ප විෂ එන්නත හිඟවී තිබෙන බවත් ඒ හේතුවෙන් පසුගිය කාලය තුළ රටපුරා 20 දෙනෙකු මියගොස් තිබෙන බවත් ඔහු කියාසිටියි.

ප්‍රතිජීවක වර්ග, කුඩා දරුවන්ට ලබා දෙන සිරප් වර්ග, දණහිසේ වේදනාවට ගන්නා වේදනා නාශක ආලේපනවල හිඟයක් ද පවතින බව සඳහන්.

එමෙන්ම උපකරණ හිඟය හේතුවෙන් දැනට රෝහල්වල රෝගීන්ගේ ශල්‍යකර්ම කටයුතු සීමා කිරීමටද රෝහල්වලට සිදුව තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පදික වේදිකාවල වෙළඳාමට නැවත කිසිසේත් අවසර දෙන්නේ නෑ – නගරාධිපති

ලෝක උරුම සංචාරක නගරයක් මෙන්ම පූජනීය නගරයක් වන මහනුවර...

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...