*
Friday, March 29, 2024
spot_img

Latest Posts

රුපියල “නම්‍යශීලී” කරවීමට ගත් තීරණය පිළිබඳව හිටපු මහබැංකු අධිපතිවරයා ප්‍රතිචාර දක්වයි!

2022 ජුනි 21 වන දින අජිත් නිවාඩ් කබ්රාල් විසින් ශ්‍රී ලංකා රුපියල නම්‍යශීලී කරවීමට ගන්නා ලද තීරණය පිළිබදව නිකුත් කරනුබන ප්‍රකාශය.

2022 මාර්තු 7 වැනි දින සිට ශ්‍රී ලංකා රුපියල “නම්‍යශීලී” වීමට ඉඩ හැරීමට ගත් තීරණය, ඇතැම් පුද්ගලයන් විසින් එවකට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ “ඒකපාර්ශ්වික” තීරණයක් ලෙස හඳුන්වනු ලබන බැවින්, මෙම ප්‍රකාශය සිදු කරනු ලබන්නේ සත්‍ය තත්ත්වය පැහැදිලි කිරීමටය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ එවකට නියෝජ්‍ය අධිපතිවරුන් තිදෙනා (මහින්ද සිරිවර්ධන මහතා, ධම්මික නානායක්කාර මහතා සහ ඉවෙට් ප්‍රනාන්දු මහත්මිය), අධ්‍යක්ෂ – ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව සහ අධ්‍යක්ෂ – ජාත්‍යන්තර මෙහෙයුම් දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ 2022 මාර්තු 7 දිනැති මුදල් මණ්ඩල පත්‍රිකාවකින් යෝජනා කරන ලද විනිමය අනුපාතිකය “නම්‍යශීලී” කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් එදින  අනුමත කරන ලදී. බොරතෙල් බැරලයක මිල ඇ.ඩො 140 කට ආසන්න වීම සහ රුසියානු-යුක්රේන යුද්ධය අයහපත් අතට හැරීම ඇතුළු ගෝලීය වශයෙන් අහිතකර තත්ත්වයක් වර්ධනය වීම හමුවේ ශ්‍රී ලංකාවේ ඒ වන විටත් අර්බුධයට ලක්ව තිබු ගෙවුම් ශේෂය යහපත් අතට හැරවීමට “කම්පන අවශෝෂකයක්” (shock-absorber) ලෙස විනිමය අනුපාත ප්‍රතිපත්තිය වහා වෙනස් කිරීමේ අවශ්‍යතාව එම මුදල් මණ්ඩල පත්‍රිකාව මගින් අවධාරණය කරන ලදී.

එම මුදල් මණ්ඩල පත්‍රිකාව සහ පැවති සාකච්ඡාව මත පදනම්ව, මුදල් මණ්ඩලය තීරණය කළේ “වහාම ක්‍රියාත්මක වන පරිදි, විනිමය අනුපාතිකයෙහි ඉහල නම්‍යශීලීභාවයක් සහිතව ගනුදෙණු කිරීමට වෙළදපොළට ඉඩ සලසන” ලෙසත්, “විදේශ විනිමය ගණුදෙණු ඒක්සත් ජනපද ඩොලරයකට රුපියල් 230 කට නොවැඩි මට්ටමකට පවතිනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරන බවට සන්නිවේදනය” කරන ලෙසත්ය.

ඒ් අනුව, වෙළෙඳපොළ මාර්ගෝපදේශනයක් ලෙස විදේශ විනිමය ගනුදෙනු සිදු විය යුත්තේ  කුමන මට්ටමක යන්න පිළිබඳව මූල්‍ය මණ්ඩලයේ “අපේක්ෂාව” ප්‍රකාශ කරන අතරම, විදේශ විනිමය වෙළඳපලෙහි රුපියලේ නම්‍යශීලීභාවයට ඉඩ සැලසීමට පැහැදිලි තීරණයක් ගෙන ඇති බව පැහැදිළිය. ඉහත තීරණයට අනුකූලව මාධ්‍ය වෙත නිවේදනයක් එදිනම නිකුත් කරන ලදී.
යොමුව:
https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/press/pr/press_20220307_policy_package_to_support_greater_macroeconomic_stability_e.pdf
තවද, රුපියල පාවීමට ඉඩ හැර සතියක පමණ කාලයයක් ඇතුළත, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ රජය සාකච්ඡා ආරම්භ කර ඇති බව ජනාධිපතිවරයා නිල වශයෙන් නිවේදනය කරන ලදී.

ඉන් අනතුරුව, එවකට මහා බැංකු අධිපති කබ්රාල් මහතා 2022 අප්‍රේල් 4 වැනි දින ඉල්ලා අස් වූ අතර, මුදල් මණ්ඩලය ප්‍රකාශයට පත් කළ නව “නම්‍යශීලී” විනිමය අනුපාත ප්‍රතිපත්තියට අනුව එදින ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 289.73/299.99 අතර පරතරයෙහි ගණුදෙනු වුණි. ඉන් පසුවද, නව මහා බැංකු අධිපති ආචාර්ය වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මුදල් මණ්ඩලය “නම්‍යශීලී” විනිමය අනුපාත ප්‍රතිපත්තිය තවදුරටත් පවත්වාගෙන යන ලද අතර, 2022 අප්‍රේල් 8 සිට රජය සහ මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත තියුනු ලෙස පදනම් අංක 700 කින් ඉහළ නැංවීම සහ 2022 අප්‍රේල් 12 සිට විදේශ ණය සහ පොලී ආපසු ගෙවීම අත්හිටුවීම ඇතුළු බරපතල තීරණ කීපයක්ද ගන්නා ලදී.

මේ අතර, 2022 මැයි 12 වන දින වන විට, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රු. 364.23/377.50 දක්වා අවප්‍රමාණය වී තිබූ අතර, මුදල් මණ්ඩලය විසින් නැවත වරක් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 355.00/365.00 අතර නව පරාසයක “ස්ථාවර” අගයකට අධිප්‍රමාණය කිරීමට තීරණය කරන ලදී. විනිමය අනුපාතිකය “ස්ථාවර” කිරීමට යැයි ගන්නා ලද එම ක්‍රියාමාර්ගය, 2021 සැප්තැම්බර් 6 වැනි දින සිට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 199.00/203.00 පරාසයක “ස්ථාවර” මට්ටමක පවත්වාගෙන යෑමට මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතාගේ සභාපතිත්වයෙන් යුත් මුදල් මණ්ඩලය විසින් අනුගමනය කරන ලද ප්‍රතිපත්තියට බෙහෙවින් සමාන බවද පෙනේ.

රටක මුදල් ඒ්කකයේ වටිනාකම, ගණනය කිරීමේ ක්‍රියාවලිය, එසේ කළ යුතු  කළ යුතු වේලාව සහ ක්‍රමවේදය පිළිබඳව විවිධ පාර්ශවකරුවන් අතර පරස්පර මත පැවතිය හැකි බව අප වටහා ගත යුතුය. එසේ කරද්දී, එම මුදල් ඒ්කකය “නම්‍යශීලී කිරීම” හෝ “ස්ථාවර කිරීම”  හෝ “පෙග් කිරීම” යන්නාවූ තීරණද ඕනෑම කෙනෙකුට සාකච්ඡා වලට භාජනය කළ හැක. පසුබිම එසේ වුවද, පවතින තත්ත්වයන්, විශේෂඥ උපදෙස්, ප්‍රායෝගික පසුබිම, අනාගත අපේක්ෂාවන් සහ අපේක්ෂිත ප්‍රතිඵල යනාදි ඇතුලු විවිධ කරුණු සළකමින්, තීරණ ගැනීමේ අධිකාරියට තම තීරණය ගැනීමට සිදු වන බව පිළිගත යුතුය. සමස්තයක් වශයෙන් මෙම පසුබිම සලකා බලන විට පැහැදිලිවම පෙනී යන්නේ විනිමය අනුපාත, පොලී අනුපාත සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාත ප්‍රතිපත්ති යනාදිය ඇතුළු මූල්‍ය හා මූල්‍ය අංශයේ ප්‍රතිපත්ති වරින් වර වෙනස් කිරීමට මුදල් මණ්ඩලයට මුදල් නීති පනත මගින් වගකීම සහ බලය ලබා දෙනු ලබන්නේ මේ අවශ්‍යතාවය මත බවද පැහැදිලි වනු ඇත.
තවද, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරනු ලබන්නේ ඒම ආයතනයේ වෘත්තීය සහ තාක්ෂණික කාර්ය මණ්ඩලය විසින්ය. ඔවුන් එසේ තීරණ ක්‍රියාත්මක කරද්දී, එවන් ප්‍රතිපත්ති තීරණ නිසි ආකාරයට ඒම තීරණ ගැනීමේ අධිකාරිය වන මුදල් මණ්ඩලයේ තීරණ මත මිස තනි පුද්ගලයෙකුගේ “ඒකපාර්ශ්වික” තීරණය මත නොවන බවද, අප තේරුම් ගත යුතුය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan