රටේ ජාතික පරිවර්තනයක් වෙනුවට ජාතික ඛේදවාචකයක් නිර්මාණය වෙලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

ජනාධිපතිවරයා විසින් සිය කතාව මඟින් ජාතික පරිවර්තනයක් නිර්මාණය කිරීමේ කුළුණු 4ක් මත පදනම් වූ මාර්ග සිතියමක් නිර්මාණය කරන බවට පැවසුවත් රටේ ජනතාවගේ බඩටයි ආර්ථීකයටයි කුළු ගෙඩි 4කින් පහර දෙන රාජ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරමින් සිටින බවත් රට තුළ ජාතික පරිවර්තනයක් වෙනුවට ජාතික ඛේදවාචකයක් නිර්මාණය වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

එසේම ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු සුඛේපභෝගී ජීවිත ගත කරන විට රටේ බිම් මට්ටමේ ජනතාව විඳින දුක සම්බන්ධයෙන් ඔවුන්ට නිසි අවබෝධයක් නොමැති බවත් ජනාධිපතිවරයා විසින් රටේ ආර්ථිකය ගොඩ නගනවා යනුවෙන් කයිවාරු ගැසුවත් අවම වශයෙන් ජනතාවගේ ආර්ථිකය ගැන නිසි සමීක්ෂණයක් වත් කර නොමැති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

මේ වන විට රටේ ආර්ථිකය සීග්‍ර ලෙස පහළ වැටෙමින් තිබුණත් හොරා කාපු පගා ගහපු රටේ සම්පත් සූරා කමින් රට බංකොලොත් කළ පිරිස රට නැවත සුන්දර යුගයකට යන බවට වන ව්‍යාජ කතා පතුරවමින් සිටියත් රටේ ජනතාව දුප්පත්කමින් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බවත් ජනතාව වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පෙර දැන්වත් රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විධිමත් සමීක්ෂණයක් කර අවබෝධයක් ලබා ගන්නා ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී ඉල්ලා සිටියේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...