*
Monday, October 7, 2024
spot_img

Latest Posts

ඔබ කැමති වූවත් අකමැති වූවත්, රට ස්ථාවර කළේ රනිල් වික්‍රමසිංහ ම තමයි!

  • එච්එස්බීසී වාර්තාව සුබවාදීයි
  • වර්ධන සාධක දෙකක්: සංචාරක කර්මාන්තය සහ ප්‍රේෂණ “උඩු දුවමින් පවතියි” – සංචාරක ඇමති හරීන් ප්‍රනාන්දු පවසයි

නව සංචාරක නිශ්පාදන සහ භූදර්ශන වෙනුවෙන් සුබවාදී ප්‍රවේශයක් ගෙන තිබේ. සිකුරාදා සහ සෙනසුරාදා දිනවල අලුයම 1.00 වන තුරුත්, ඉරිදා දිනවල මධ්‍යම රාත්‍රී 12.30 වනතුරුත් සංගීත සංදර්ශන පැවැත්විය හැක්කේ, ආගමික ස්ථාන සහ පාසල්වලින් සාධාරණ මට්ටමක දුරස්භාවයක් පවත්වා ගනිමින් බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබේ. මෙය සිදුකළ යුතුව තිබුණේ මීට බොහෝ කලකට ඉහතදී ය.

සංචාරක කර්මාන්තය තීරණාත්මක බව අප විසින් මතකයේ තබා ගත යුතු ය. කොවිඩ් සමයේ, සංචාරකයන් සංඛ්‍යාව පහත වැටුණු අතර, රට පුරා විදුලිය ඇණහිට තිබූ බවත්, ගෑස් සහ තෙල් නොතිබූ බවත් සිහිපත් කර ගැනීම අත්‍යාවශ්‍ය ය. සංචාරකයන් සංඛ්‍යාව ඉහළ නංවා ගැනීම සඳහා නිලධාරීන් සහ රජයේ සේවකයන් හැකි සෑම ආකාරයකින්ම සහයෝගය ලබා දිය යුතු ය. දැන් අරගලය විය යුත්තේ මෙයයි.

සංචාරක කර්මාන්තය යනු, හුදෙක් අපගේ සුන්දර රට වටා පිහිටි ලැගුම්හල් හා ආහාරවලින් සංග්‍රහ කිරීම අතීතයට බැර වූ කරුණක් වී තිබේ. තරුණ සංචාරකයන්, සහස්‍රයේ පරපුර (millennials) මුදල් වියදම් කරන ආකාරය, සහ කාලය ගත කරන වෙනස්ම ආකාරය මත සංචාරක කර්මාන්තයේ අවශ්‍යතා අතිශයින් සංකීර්ණ වී තිබේ. විශේෂයෙන්ම කොවිඩ්වලින් අනතුරුව, ලොව පුරා දුරස්තව ක්‍රියාකරන ඩිජිටල් ක්‍රියාකරුවන්ගෙන් පිරි සමාජයක අපි ජීවත් වෙමු.

විදේශිකයන් පවා රැකියා වීසා / බලපත්‍ර නොමැතිව වැඩකරන සමයක අප ජීවත්වන බවට පවසන ආරක්ෂණවාදීන්ගේ යුගයකට මුහුණ දීමට අපට සිදුව තිබේ. කෙසේවෙතත්, ක්ෂේත්‍රයේ හණමිටි අදහස් ඇත්තන් සහ සියල්ල දත් කුමන්ත්‍රණ න්‍යායාචාර්යවරුන් හා තකතීරු මාධ්‍යකරුවන්ගේ තර්කයක් වන මෙය අප විසින් බැහැර කළ යුතුව ඇත.

අපත් සමඟ තරඟකරන සංචාරක නිශ්පාදන සමඟ රටක් ලෙස අප ද තරඟකළ යුතුව ඇත. විදේශිකයන් පැමිණ තාවකාලික රැකියාවල නිරත නොවන තැන අපට දියුණුවක් ඇත්තේ කොහේ ද? ඔවුන් අපට කියා දීමට පෙර, රළ පැදීමට අප දැන සිටියා ද? නව සංගීත ජොනරාවන් අපට හඳුනාගත හැක්කේ, විදෙස් ඩීජේවරුන් පැමිණ වාදනයකළ තැන ය. ලොව අනෙකුත් රටවල ප්‍රවණතාවයන් මොනවාද යන්න අපට දැනගත හැක්කේ, විදේශිකයන් පැමිණ ආයෝජනය කොට ආපනශාලා ආරම්භකළ තැන ය. බාලි දේශය දෙස බලන්න, විදේශිකයන්, වෙරළාශ්‍රිත සමාජශාලා, සහ නිවැරදි ආහාරපාන ලබාදීම කෙරේ ඔවුන් ප්‍රමුඛතාවය ලබා දී ඇති අයුරු බලන්න. මෙය අපට අපහසු කර්තව්‍යයක් වූයේ කෙසේ ද? අපගේ සංචාරක පැමිණීම් සීමාවීමට හේතුවූයේ මෙම පටු මානසික ස්වභාවය යි.

මීට වඩා දියුණු මනසකින් දැකීමට සහ මෙම අභියෝගයට මුහුණ දීමට අප කටයුතු කළ යුතුව ඇත. විදේශිකයන් වැඩ කරන්නේ බලපත්‍ර නොමැතිව නම්, ඔවුනට බලපත්‍ර ලබා දීමට කටයුතු කරන්න; එතැනින් ද නොනැවතී, මෙරට දස දෙනෙකු පුහුණු කිරීමේ වගකීම ඔවුනට පවරන නීතියක් පැනවීමට කටයුතු කරන්න. හොඳ කාර්යසාධනයන් පෙන්වන ව්‍යාපාර, ඊර්ෂ්‍යාව මත කඩාකප්පල් කිරීමේ යාන්ත්‍රණය නතර විය යුතුය.

නිසි මඟ අනුගමනය කළහොත් වෙනසක් උදාකර ගැනීමට හැකි බව, මෙම එච්එස්බීසී වාර්තාව කියවීමෙන් අපට අවබෝධ කර ගත හැකිය. තමා කරන්නේ කුමක්ද යන්න පිළිබඳ මනා වැටහීමක් රනිල් වික්‍රමසිංහට ඇති බවට කිසිඳු සැකයක් නැත. විශේෂයෙන්ම සංචාරක කර්මාන්තයට මෙය අදාළ ය. එහි පැසසුම ඔහුට ලබා දෙන අතරතුරම, අඩුම තරමේ මෙම අභියෝගය භාර ගැනීමට ඉදිරියට පැමිණීම පිළිබඳව වත් අප ඔහුට ස්තූතිවන්ත විය යුතු ය.

HSBC වාර්තාව සමග සම්පූර්ණ ලිපිය පහතින්:

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan