දැන් ආණ්ඩුවයි එක්සත් ජාතික පක්ෂයයි දෙකම නඩත්තු කරන්න බදු ගෙවන ජනතාවට සිද්ධ වෙලා – හඳුන්නෙත්ති

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අද වනවිට ආණ්ඩුව මෙන්ම එක්සත් ජාතික පක්ෂයත් නඩත්තු කිරීමට රටේ බදු ගෙවන ජනතාවට සිදුව ඇති බව ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

“රනිල් වික්‍රමසිංහ අද ආණ්ඩුව එයාගේ බූදලයක් බවට පත් කරගෙන. බදු ගෙවන ජනතාව අද ආණ්ඩුවත් නඩත්තු කරන්න ඕනෙ, එක්සත් ජාතික පක්ෂයත් නඩත්තු කරන්න ඕනෙ. මොකද එක්සත් ජාතික පක්ෂයට අද පඩි ගෙවන්නේ මේ රටේ බදු ගෙවන ජනතාව. දැන් හෙට අනිද්දාට නැකතක් හදාගෙන රනිල් වික්‍රමසිංහ ලෑස්ති වෙනවා දැන් අපි බංකොලොත් නෑ කියලා කියන්න. අපට තියෙන ප්‍රශ්නෙ ඒක රනිල් වික්‍රමසිංහ කිව්වාට පස්සෙ හරිද කියන එක. එහෙනම් ඉතින් මීට කලින්ම කියාගන්න තිබ්බානෙ අපි බංකොලොත් නෑ කියලා ? බංකොලොත් නැතිවෙන්න නම් රටේ ණය ගෙවන්න පුළුවන් වෙන්න ඕනෙ. ආර්ථිකය ශක්තිමත් වෙන්න ඕනෙ. ඒකට ක්‍රියාවලියක් තියෙනවා. ඒක මේ රනිල් වික්‍රමසිංහ නෙවෙයි කියන්න ඕනෙ. බංකොලොත් කරපු කෙනාම නෑ බංකොලොත් නෑ කිව්වාට කවුරුවත් පිළිගන්නෙ නෑ”

සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසුවේ පෙරේදා (22) ඇල්පිටියේදී පැවති ජාතික ජන බලවේගයේ ව්‍යාපාරික හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Korea Exim බැංකුවෙන් ඇ. ඩොලර් 50,000ක මානුෂීය ආධාර!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

ජනවරම පාවා දෙන්න හදන්නේ. විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාවට විපක්ෂ විරෝධය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මේ වන විට ආණ්ඩුව ජනවරම පාවාදෙමින් 33%කින්...