‘හමාස් තුරන් කිරීමෙන් පසු හමුදාවේ අවධානය ලෙබනනය වෙත මාරුවිය හැකි ‘- ඊශ්‍රායල් අගමැති

Date:

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 24,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඊයේ(23)දිනයේදී චැනල් 14 රූපවාහිනිය සමඟ පැවති සම්මුඛ සාකච්ජාවකදී ප්‍රකාශ කර තිබුණේ, මේ වන විට හමාස් සමඟ ගාසා හි පවතින යුද්ධය අවසන් අදියරක පවතින බවත්, ඉන් අනතුරුව හමුදාවේ අවධානය ඊශ්‍රායලයේ උතුරු මායිමේ ලෙබනනය කෙරෙහි යොමු විය හැකි බවත්ය.

මෙහිදී අගමැති නෙතන්යාහු වැඩි දුරටත් සඳහන් කර තිබුණේ, ප්‍රාණ ඇපකරුවන් කිහිප දෙනෙකු ආපසු ලබා දීම සඳහා හමාස් සමඟ අර්ධ ගනුදෙනුවක් කිරීමට තමා සූදානම් බවත්, හමාස් තුරන් කිරීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා සටන් විරාමයකින් පසුවත් යුද්ධය දිගටම පවතිනු ඇති බවත්, තමා එය කිසිසේත් අතහැරීමට සුදානම් නොමැති බවත්ය.

ඊශ්‍රායලය ගාසා තීරයේ සිය යුද්ධය දියත් කළේ, සටන්කාමීන් ඊශ්‍රායල් වැසියන් 1200ක් පමණ මරා දමා 250කට වැඩි පිරිසක් ප්‍රාණ ඇපයට ගත් ඔක්තෝබර් 7දා හමාස් ප්‍රහාරවලින් පසුවය. එතැන් සිට ඊශ්‍රායල ව්‍යාපාරය විසින් 37,000 කට වැඩි පිරිසක් ඝාතනයව ඇත.

මැද පෙරදිග වඩාත් බලගතු පැරාමිලිටරි හමුදාවක් සහිත ඉරානයේ පිටුබලය ලබන ඉස්ලාමීය ව්‍යාපාරයක් වන හිස්බුල්ලා, ඊශ්‍රායලයට හමාස් ප්‍රහාර එල්ල කළ දිනට පසු දින ඔක්තෝබර් 8 සිට උතුරු ඊශ්‍රායලයේ ප්‍රදේශ ඉලක්ක කර දකුණු ලෙබනනයේ සිට මාරාන්තික ප්‍රහාර එල්ල කරයි. මේ සම්බන්ධයෙන් ඊශ්‍රයලයද ප්‍රතිචාර දක්වමින් ඇති අතර එක්සත් ජාතීන්ගේ මහා ලේකම්වරයා පසුගියදා සඳහන් කර තිබුණේ, ලෙබනනය තවත් ගාසා තිරයක් වීම ලෝකයට දරාගත නොහැකි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”

අලුත් මරු සිනමාකරුවෙක් මතු වී ඇත

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: සැලෝලයිඩ් පටියක රහට පිංතූර...

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ ගැටළුව ගැන CID විමර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : අවස්ථා කිහිපයකදී, මහජන...