විමධ්‍යගත අරමුදල් ගත්ත කියල විනය පරීක්ෂණ ද ?

Date:

කොළඹ LNW:ආණ්ඩුවෙන් විමධ්‍යගත අරමුදල් ලබා ගැනීම පිළිබඳව තම පක්ෂයට තමන්ට විනය පරීක්ෂණ පැවැත්වීමක් ගැන කිසිවක් කියා නැති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි. මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ මීට පෙරත් විමධ්‍යගත අරමුදල් දුන්නේ ආණ්ඩුවෙන් මිස විපක්ෂයෙන් නොවන බවයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ හැර ඊට පෙර මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත අරමුදල ලැබුණු අතර ඒවා ලබා ගැනීමේදී මීට පෙර පක්ෂ නායකයන්ගෙන් විමසීමක් කර නැති අබ්වද මාන්නප්පෙරුම මහතා සඳහන් කරයි.

”ඒ විතරක් නෙමෙයි කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන්වත් පක්ෂයේ මහ ලේකම්ගේන්වත් ඒ ගැන ඇහැව්වේ නැහැ. අපිට කොළ එනවා අපි ඒවා පුරවලා යවනවා.මේ පාරත් මට ආවා. ලක්ෂ පනහයි කියලා තමයි මට දැනුවත් කළේ. ඒ ලක්ෂ පනහට හරියන්න යෝජනා මම යැව්වා. ඒවා අනුමත වෙලා ඇවිත් ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයෙන් ඒ වැඩ ටික කරගෙන යනවා. හැබැයි මේ චෝදනා කරන්නේ හරියට කෝටි පහක් අපේ සාක්කුවට දාගත්තා වගේනේ.මාධ්‍යයෙන් තමයි මමත් දැන ගත්තේ මේක ටික දෙනෙකුට විතරයි හම්බවෙලා තියෙන්නේ කියලා. ඒ ගමන මම මුදල් අමාත්‍යංශයට කෝල් එකක් දීලා ඇහැව්වා ඇයි මේක ටිකකට විතරක් දීලා තියෙන්නේ කියලා. එතකොට ඒ ගොල්ලෝ කිව්වා සල්ලි තියෙන තියෙන විදිහට ටික ටික දෙනවා කියලා.දැන් මේ ගැන පක්ෂය ඇතුලේ විනය පරීක්ෂණයක් හෝ වෙන දෙයක් කියන්නේ ගෙදර ඇතුලේ වැඩක්නේ. පක්ෂය ඇතුලෙන් විනය ක්‍රියාමාර්ගයක් ගනියිද නැද්ද කියන්න මම දන්නේ නැහැ. ඒවා මාධ්‍යවලට කිව්වට අපිව නම් දැනුවත් කරලා නැහැ. අනෙක එහෙම කරන්න හේතුවකුත් නැහැනේ.
මේක නීති විරෝධී වැඩක් නෙමෙයිනේ. හැමදාමත් විමධ්‍යගත මුදල් දුන්නේ ආණ්ඩුවෙන්. අපි විපක්ෂයේ මන්ත්‍රීවරු වෙලා අවුරුදු හතරක් පහක් වුනාට විපක්ෂයෙන් සල්ලි දුන්නේ නැහැනේ.”
යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී සමරයි!

කොළඹ LNW: අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී...

මන්ත්‍රී රවීගෙන් තවත් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

කොළඹ LNW:ආර්ථික අර්බුදයකට ලක්වී සිටින සුළු හා මධ්‍ය පරිමාණ...

තුසිත හල්ලොලුව ඇප මත නිදහස්. විදෙස් ගමන් තහනම්

සටහන - රුවන් නෙළුගොල්ල රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ජාතික ලොතරැයි...