*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

ලෝකයේ ඉහළට නැග්ග ලංකාවේ එක්දින කාන්තා ක්‍රිකට්,කොදෙව් ලලනාවන්ට එරෙහි 20/20 දී, වැඩි ඉඩක් හෙටට දෙයි

සටහන – නිශ්මං රණසිංහ
ජූනි 24, (LNW) කොළඹ :

ශ්‍රී ලංකා කාන්තා එක්දින කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීම්වල මුල් කණ්ඩායම් පහ අතරට පැමිණ ඇත.ඒ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසයේ දක්වන ලද හොඳම දක්ෂතාවය ලෙස සැළකේ.මේ ප්‍රවෘත්තිය මෙන්ම කොදෙව් එක්දින තරගාවලියේ ජයග්‍රහණයේ විශිෂ්ඨයන් ලෙස තරුණ ක්‍රීඩිකාවන් ඉදිරියට ඒමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කොදෙව් කණ්ඩායමට එරෙහි විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කරන ලද කණ්ඩායමට වඩාත් තරුණ මුහුණුවරක් එකතු කරන්නට සූදානම් වී තිබෙන බව පෙනේ.
විස්සයි විස්ස ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සංචිතයේ නොසිටි අමා කාංචනා,ඕෂධි රණසිංහ,සචිනි නිසංසලා,ඉමේෂා දුලානි,කව්ෂානි නෘත්‍යාංගනා සහ පළමු වරට කණ්ඩායමට එකතු වෙන රශ්මිකා සෙව්වන්දි බටහිර කොදෙව් කණ්ඩායමට එරෙහිව තරග වඳින විස්සයි විස්ස සංචිතයට කැඳවා ඇත.මෙහිදී ඕෂධි සහ අමා හැරුණු විට අන් ක්‍රීඩිකාවන් ද ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග කිහිපයකට වඩා ක්‍රීඩා කර නැති වීම විශේෂත්වයකි.රශ්මිකා මාතර අනුර විද්‍යාලය නියෝජනය කරන තවමත් 17 හැවිරිදි වියේ පසුවන ප්‍රහාරාත්මක පිතිකාරිණියක වන අතර ඇය පාසල් ක්‍රිකට් තරගාවලියේ දී වේගවත් ත්‍රිත්ව ශතකයක් ලැබූ ක්‍රීඩිකාවකි.


පාසල් ක්‍රීඩා පිටියේ වේගවත් පිතිකාරිනියකව සිටි කව්ශානි ට, ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට ලැබුණු අවස්ථාවන් තුනේදී ම වැඩි දස්කම් දක්වන්නට අවස්ථාව ලැබී නැත.එහෙත් මෙවර කඩුල්ල පිටුපස වගකීමත් සමඟ සිය අතපසුවීම් නිවැරදි කර ගන්නට ඇයට හැකි වුවහොත් දීර්ඝ කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇයගේ ස්ථානය තහවුරු කර ගන්නට අවස්ථාව සැළසෙනු ඇත.
කොදෙව් එක්දින තරගාවලියේ දී කඩුුලු අතර සිටි අචිනි කුලසූරිය සහ කඩුලු රැකි සහ වේගවත් අර්ධ ශතකයක්ද වාර්තා කළ අනුෂ්කා සංජිවනී ද කණ්ඩායමෙන් පිටට කැඳවා අලුත් පරම්පරාවන් පිළිබඳ විශ්වාසය තැබීම මෙන්ම අත්හදා බැලීම ද සිඳු කරන්නට ගෙන ඇති මෙම තීරණය අදටත් වඩා හෙට වෙනුවෙන් වැදගත් වනු ඇත.

කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රිඩිකාව ලෙස ඕෂධී කණ්ඩායමට පැමිණියත්,මෑත කාලයේ යම් අසාර්ථක බවක් පෙන්වන,ජාත්‍යන්තර පිටියේ ශ්‍රී ලංකා පන්දු යැවීමේ සන්නාමයක් ලෙස සැළකෙන ඉනෝකා රණවිර කණ්ඩායමෙන් පිට තබා ඇත.මේ සියල්ලගෙන් පැහැදිළි වන්නේ ශ්‍රී ලංකාව තරුණ ක්‍රීඩිකාවන්ට පෙරට එන්නට සකස් කළ මාර්ග කෙතරම් පලදායි ද යන්න සළකා බැලීම මෙන්ම වඩාත් විශිෂ්ඨ කණ්ඩායමක් එළැඹෙන ඔක්තෝම්බර් මස ලෝක කුසලානයට තෝරා ගැනිම පහසු කර ගැනීමේ අපේක්ෂාව විය යුතුයි.
මෙහිදී වඩා වැදගත් මේ සංයුතිය හරහා ක්‍රිකට් සැළසුමක් පසුබිමෙන් තිබිමයි.අවුරුදු 19 න් පහළ වගේම අවුරුදු 23 න් පහළ තරගාවලි ජාතික මට්ටමෙන් පැවත්වීම මෙහිදි වැදගත් වෙනවා.එසේම පාසල් මට්ටමට ගිය විට කාන්තා ක්‍රිකට් සඳහා ඉදිරිපත්වන කණ්ඩායම් ප්‍රමාණය විශාල වෙලා තියෙනවා.දිවයිනේ හැම අතකින්ම කණ්ඩායම් ඒම මෙන්ම ඒ බොහෝ තැන්වල පැති විකට්ටු පිහිටුවා තිබීම ලණු පැදුරු ක්‍රිකට් සඳහා අවශ්‍යය පහසුකම් සැපයීම සිඳු වී තිබෙනවා.මෙහිදී දිස්ත්‍රික් සංගම්වල දක්ෂතාව සහ කැපවීම අනුව වැඩි කණ්ඩායම් ප්‍රමාණයක් මෙන්ම වැඩි දක්ෂයන් ප්‍රමාණයක් සමාජගත කරන්නට හැකියාව ලැබී තිබෙනවා.


ශ්‍රී ලංකා ක්‍රිකට් ජාත්‍යන්තර වශයෙන් ඉහළට යාම සහ මේ කොදෙව් කණ්ඩායමට එරෙහිව බහුතරයක් අලුත් වූ කණ්ඩායමක් නම් කිරීමේ ක්‍රියාවලිය යටතේ පැහිදිළිව දකින්නට තිබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් එලා ඇති සැළසුම්වල සාර්ථක ප්‍රතිපලයි.මේ නම් කළ කණ්ඩායමේ සිටින ශෂිනි ගිම්හානි සහ රශ්මිකා සෙව්වන්දි මෑථ කාලයේ අවුරුදු 19 න් පහළ ක්‍රිකට් තරගවලින් හඳුනාගත් සහ එම වයස් කාණ්ඩයේ දී ජාත්‍යන්තරය නියෝජනය කරමින් දක්ෂතා දැක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බව පැහැදිළියි.

එසේම නෘත්‍යංජනා,සචිනි සහ ඉමේෂා වැටෙන්නේ අවුරුදු 23 න් පහළ ස්ථරයට වන අතර ශෂිනි සහ රශ්මිකාත් ඒ අතර සිටිනවා.
ඒ අනුව එක එක වයසට නියමිත තීරු දැකිය හැකි අතරම ඒවා අතික්‍රමණය කර දක්ෂතාවය අනුව පෙරට පැමිණිය හැකි තීරු ද ඉහළින් සැකසී තිබෙනවා.එසේම මනුදි නානායක්කාර,දෙව්මි විහංගා,නෙත්මි සේනාරත්නගේ සිට චමෝදි ප්‍රබෝධා දක්වාම ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය වෙනුවෙන් බලාපොරොත්තු ගොඩ නැඟී තිබෙනවා.


පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අතර ඇති සබඳතාවය මත පාසල් ක්‍රිකට් සංගමයට බොහෝ පහසුවෙන් මේ වන විට පාසල් මට්ටමේ ක්‍රීඩාව පවත්වාගෙන යාමට ලැබී ඇති භෞතික පහසුකම් උපයෝගි කර ගනිමින් ක්‍රීඩාවේ ගුණාත්මකභාවය ඇති කිරිම සඳහා පාසල් මට්ටමෙන් ගන්නා උත්සාහයන් ද වැඩි දියුණු විය යුතුව තිබෙනවා.කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ දකින්නට තිබෙන මේ තත්ත්වය පිරිමි ක්‍රිකට් ක්‍රීඩාව තුළ අඩුවෙන් දකින්නට හේතුව එය ලෝක පරිමානයෙන් පුළුල් වී තිබෙන තරමට සාපේක්ෂව විය හැකියි.එහෙත් ලෝකයේ දිග පළල වර්ගපලය පෙන්වීම නිදහසට හේතුවක් නොවන අතර පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා හැකියාවට කැපවීම සහ ක්‍රීඩාවට ඇති බැදීමත් ආදරයත් පෝෂණය කරන ආකාරයේ මානසික පුහුණුවක් ගැන වැඩිපුර සිතීමේ අවශ්‍යයතාවය ද මතු වී තිබෙනවා.


චමරි අතපත්තු යටතට වඩා ප්‍රයෝගික ක්‍රිකට් හැදෑරීමකට අලුත් පරම්පරාව කොදෙව් තරගාවලියේ දී පත් කර තිබීම ඔවුන්ව සරසවියකට යොමු කිරීමකට සමානයි.මේ වන විට ලෝකයේ පහළ වූ සුවිශේෂිම ක්‍රීඩිකාවක් බවට ක්‍රිකට් ලෝකයම පිළිගන්නා චමරි,අත්දැකීම්වලින් උපයා ගත් දැණුමේ පරිමාව කොදෙව් තරගාවලියේ දී හොඳින් දකින්නට ලැබුණා.ඒ නිසා මේ කණ්ඩායමට කැඳවා ඇති ක්‍රීඩිකාවන් වඩාත් ඉහළින් සිය ක්‍රීඩාව රඳවා තබා ගන්නේ කෙසේද යන්න මේ තරගාවලිය තුළ පිටියට පැමිණිය ද නොපැමිණියද කණ්ඩායම තුළ සංචිතගතව සිටීම හරහා උපයා ගන්නවා නිසැකයි.


ජාත්‍යන්තර සන්නාමයක් ලෙස වර්ථමාන ක්‍රිකට්වල පවතින සහ ලෝකයේ ප්‍රබලතම ක්‍රීඩිකාව බවට කිහිප වරක් කිහිපාකාරයකින් ඇගයීම් ලබන්නට සමත් වූ චමරි,විදේශ ලීගයන් සඳහා කැදවීම් ලද එකම ක්‍රීඩිකාව ලෙස ලොව සුපිරිතම ක්‍රීඩිකාවන් සමඟ ගනුදෙනු කරමින් උපයාගත් දැණුම උපයෝගිී කරගෙන මේ වන විට නිර්මාණය කරගෙන ඇති චමරිමය හැඩයේ සෙවණ යට කොදෙව් තරගාවලියේදී ශ්‍රී ලංකාවේ ඊළඟ පරම්පරාවේ උත්පත්තිය වෙනුවෙන් සුබදායි සහ සැහැල්ලු ගැබක් තැනෙනු ඇත.ඒ නිසා මේ තේරීම් හරහා යම් පරාජයක් අති විඳින්නට සිඳු වුව ද එය හොඳ උපතක් වෙනුවෙන් දරන වේදනාබර විලිරුදාවක් ලෙස ගත යුතුය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan