චීනයේ ෂැංහයි නුවර පැවති 27 වන ජාත්‍යන්තර සිනමා සම්මාන දිනූ “රිවස්ටන්” ‍චිත්‍රපටයෙහි විශිෂ්ඨයින් දිවයිනට!

Date:

රෂිකා හෙන්නායක ජූනි 24, කොළඹ LNW :

ඉකුත් 15 වනදා සිට 22 වනදා දක්වා චීනයේ ෂැංහයි නුවර පැවති 27 වන ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී සම්මාන හිමි කර ගත් කලාකරුවන් යළි දිවයිනට පැමිණ තිබෙන බව වාර්තා වේ.

ඔවුන් චීනයේ ෂැංහයි නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එහිදී “රිවස්ටන්” ‍චිත්‍රපටයෙහි විශිෂ්ඨතම තිර රචනය සහ විශිෂ්ඨතම කැමරා අධ්‍යක්ෂණය සදහා වූ සම්මාන ද්විත්වය හිමි කර ගැනීමට ලලිත් රත්නායක සහ ප්‍රභාත් රෝෂන් යන කලාකරුවන් දෙදෙනා සමත් වූ බව වාර්තා වේ.

රිවස්ටන් චිත්‍රපටයේ තිර රචනය සිදු කළේ ලලිත් රත්නායක මහතා වන අතර කැමරා අධ්‍යක්ෂණය සිදු කර ඇත්තේ ප්‍රභාත් රෝෂන් මහතායි.

මෙම චිත්‍රපට උළෙලේ සම්මාන ද්විත්වයක් හිමි කර ගත් එකම චිත්‍රපටය රිවස්ටන් චිත්‍රපටය වීමද විශේෂත්වයක්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Trendy Thursday: සෙලීනාගේ Rare Beauty පවුලෙහි අලුත් සාමාජිකයා! Rare Eau de Parfum

සෑම බ්‍රහස්පතින්දා දිනකම “Trendy Thursday” තුළින් ඔබට Fashion trends,...

නුවරඑළිය ඩිපෝවට අයත් ලංගම බස් රථයක එංජිමට යූරියා පොහොර දැම්මේ කවුද?

රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය 12 වනදා රාත්‍රියේ...

උත්තේජන භාවිතයම අවශ්‍යය නැහැ – පරීක්ෂණ මඟ හැරියත් දඬුවම් කළ හැකියි

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය දිනෙක තහනම් උත්තේජන පරීක්ෂණයක්...