චීනයේ ෂැංහයි නුවර පැවති 27 වන ජාත්‍යන්තර සිනමා සම්මාන දිනූ “රිවස්ටන්” ‍චිත්‍රපටයෙහි විශිෂ්ඨයින් දිවයිනට!

Date:

රෂිකා හෙන්නායක ජූනි 24, කොළඹ LNW :

ඉකුත් 15 වනදා සිට 22 වනදා දක්වා චීනයේ ෂැංහයි නුවර පැවති 27 වන ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී සම්මාන හිමි කර ගත් කලාකරුවන් යළි දිවයිනට පැමිණ තිබෙන බව වාර්තා වේ.

ඔවුන් චීනයේ ෂැංහයි නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එහිදී “රිවස්ටන්” ‍චිත්‍රපටයෙහි විශිෂ්ඨතම තිර රචනය සහ විශිෂ්ඨතම කැමරා අධ්‍යක්ෂණය සදහා වූ සම්මාන ද්විත්වය හිමි කර ගැනීමට ලලිත් රත්නායක සහ ප්‍රභාත් රෝෂන් යන කලාකරුවන් දෙදෙනා සමත් වූ බව වාර්තා වේ.

රිවස්ටන් චිත්‍රපටයේ තිර රචනය සිදු කළේ ලලිත් රත්නායක මහතා වන අතර කැමරා අධ්‍යක්ෂණය සිදු කර ඇත්තේ ප්‍රභාත් රෝෂන් මහතායි.

මෙම චිත්‍රපට උළෙලේ සම්මාන ද්විත්වයක් හිමි කර ගත් එකම චිත්‍රපටය රිවස්ටන් චිත්‍රපටය වීමද විශේෂත්වයක්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඒ ගොල්ලො අපිට දෙනනෙ නැහැ,අපි ගන්න ඕනි.‘

නිශ්මං රණසිංහ පෙබරවාරි 14, කොළඹ LNW: ‘ඒ ගොල්ලො අපිට දෙනනෙ...

ප්‍රේමලාල්ට දුන් තීන්දුවට එරෙහි අභියාචනය විභාගයට දින..

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : මේ වනවිට...

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...