‘ඊශ්‍රායලය සමඟ සටන් විරාමයක් සම්බන්ධයෙන් කිසිදු ගිවිසුමක් නොමැත; ප්‍රහාර අඛණ්ඩව’ – ඉරාන විදේශ ඇමති

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මිට සුළු මොහොතකට පෙර ඊශ්‍රායලය දකුණු බෙයර්ෂෙබා නගරයට එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 3 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.

මෙම ප්‍රහාරය එල්ල වන්නේ, ඉරානය හා ඊශ්‍රායලය සම්පුර්ණ සටන් විරාමයකට එකඟ වී ඇති බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය නිල තෘත් නිවේදනයෙන් අනතුරුවය.

ඊයේ(23) දිනයේදී ජනාධිපති ට්‍රම්ප් ඇමරිකා එකසත් ජනපදයේ කටාර්හි අල් උඩෙයිඩ් ගුවන් කඳවුරට ඉරාන මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමෙන් අනතුරුව මේ බව එක්සත් ජනපද ජනාධිපතිවරයා සිය තෘත සමාජ ජාලය හරහා නිවේදනය කර තිබු මුත්, දෙපාර්ශවය අතර ප්‍රහාර දියත්වී ඇති අතර දෙපාර්ශවයන් නිල වශයෙන් සටන් විරාමයක් සම්බන්ධයෙන් නිවේදනය කර නොමැත.

ජනාධිපති ට්‍රම්ප්ගේ නිවේදනය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ප්‍රකාශ කර තිබුණේ, ඊශ්‍රායලය සමඟ සටන් විරාමයක් සම්බන්ධයෙන් කිසිදු ගිවිසුමක් නොමැති බවත්, ඊශ්‍රායලය සිය නීතිවිරෝධී ප්‍රහාර අලුයම වන විට අවසන් කරන්නේ නම් ටෙහෙරානයද ප්‍රහාර නවත්වන බවයි.

කෙසේ නමුත්, ඊශ්‍රායලය තවමත් ප්‍රසිද්ධියේ අදහස් දක්වා නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (31) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 31) දිනයේදී උතුර, නැගෙනහිර,...

හිටපු ඇමති ජොනී හැංගිලා. අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 5ක් යොදවයි

සටහන - රුවන් නෙළුගොල්ල සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින්...

වෙඩි තැබීමක්: 16 දරුවෙකු තුවාල ලබයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW : යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින්...