ජනාධිපති ට්‍රම්ප්ගේ පිටුවහල් කිරීමේ වැඩසටහන නැවත ක්‍රියාත්මක කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංක්‍රමණිකයන් ඔවුන්ගේ මවුබිම් වලට හැර වෙනත් රටවලට පිටුවහල් කිරීමේ වැඩසටහන නැවත ක්‍රියාත්මක කිරීමට අවසර දී ඇති බව වාර්තා වේ.

ජනපදය තුළ මිනීමැරුම්, ගිනි තැබීම් සහ සන්නද්ධ මංකොල්ලකෑම් ඇතුළු දරුණු අපරාධ වලට සම්බන්ධ යැයි සැලකෙන මියන්මාරය, දකුණු සුඩානය, කියුබාව, මෙක්සිකෝව, ලාඕසය සහ වියට්නාමය යන රටවලින් පැමිණි සංක්‍රමණිකයන් අට දෙනෙකු පසුගිය මැයි මාසයේදී දකුණු සුඩානය බලා යන බව කියන ගුවන් යානයකින් පිටුවහල් කිරීම හේතුවෙන් බොස්ටන්හි පිහිටි අභියාචනාධිකරණයක් පසුගිය මාසයේ පහළ අධිකරණ තීන්දුව අවහිර කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ට්‍රම්ප් නඩුව විනිසුරුවරුන් වෙත ගෙන එන ලදී.

සය දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් විසින් මෙම අධිකරණ තීන්දුව ලබා දී ඇති අතර අධිකරණයේ ලිබරල් විනිසුරුවරුන් තිදෙනකු වන සෝනියා සොටෝමේයර්, එලේනා කගන් සහ කෙටන්ජි බ්‍රවුන් ජැක්සන් බහුතර තීන්දුවට විරුද්ධ වූ අතර, එය අවනීතියට විපාක දෙන බව ප්‍රකාශ කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Trendy Thursday: සෙලීනාගේ Rare Beauty පවුලෙහි අලුත් සාමාජිකයා! Rare Eau de Parfum

සෑම බ්‍රහස්පතින්දා දිනකම “Trendy Thursday” තුළින් ඔබට Fashion trends,...

නුවරඑළිය ඩිපෝවට අයත් ලංගම බස් රථයක එංජිමට යූරියා පොහොර දැම්මේ කවුද?

රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය 12 වනදා රාත්‍රියේ...

උත්තේජන භාවිතයම අවශ්‍යය නැහැ – පරීක්ෂණ මඟ හැරියත් දඬුවම් කළ හැකියි

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය දිනෙක තහනම් උත්තේජන පරීක්ෂණයක්...