ට්‍රම්ප්ගේ පණිවිඩයෙන් පසු ලෝක ඉන්ධන වෙළෙඳපොළේ වෙනසක්!

Date:

කොළඹ LNW:ඉරානය සහ ඊශ්‍රායලය අතර සටන් විරාමයකට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟ ගෝලීය ඉන්ධන මිල ගණන් පහත වැටී ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 2.69කින් හෙවත් 3.76%කින් ඩොලර් 68.79ක් දක්වා පහතට පැමිණ ඇති බවයි දැක්වෙන්නේ.

මෙම අගය ගැටුම් ආරම්භ වූ ජුනි 11න් පසු බොරතෙල් බැරලයක් අවම මට්ටමට ළඟා වූ පළමු අවස්ථාව වන අතර මේ අතර හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය උත්හාස කරමින් සිටින පසුබිමක මැදපෙරදිග මතුව ඇති අස්ථාරවත්වය හමුවේ ඊයේ (23) ගෝලීය ඉන්ධන මිල 3%කින් ඉහළ ගියේය.

එම මිල වැඩි වීමත් සමඟ බ්‍රෙන්ට් ඉන්ධන බැරලයක මිල ඩොලර් 79කට ආසන්න ගණනික් වැඩි වී තිබුණි.

මේ අතර පවතින යුදමය තත්ත්වය හමුවේ තෙල් සම්බන්ධයෙන් ඉදිරියේදී අර්බුදකරී වතාවරණයක් පැන නැගුණහොත් ඊට අවශ්‍ය පිළියම් යෙදීමට සැලසුම් කරමින් සිටින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කර තිබුණු අතර එහි එක් පියවරක් ලෙස නයිජීරියාව ඇතුළු රටවල් කිහිපයක තෙල් සාම්පල පරීක්ෂා කරවීමට තීරණය කර ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත් කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව පොලිස්පතිවරයා...

බන්ධනාගාර රෝහලේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂක අල්ලස් චෝදනා මත අත්අඩංගුවට!

කොළඹ LNW:බන්ධනාගාර සෞඛ්‍ය සේවා හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත...

‘පස් දිලීප’ ඉලක්ක කර වෙඩිල්ලක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 13, කොළඹ LNW : අද (13)...

බලය බබලවන ඔස්ට්‍රේලියානු ආග්‍රාණ්ඩුකාරවරිය

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: අපට නුහුරු බලය ඉදිරියේ සරල...