මේ පොත කියවන්න.ඔබ හිරවෙලා ඉන්න තැන නිදහස් කර ගැනීම වෙනුවෙන්

Date:

නිශ්මං රණසිංහ ජුනි 24, කොළඹ LNW:

ලංකාවෙ බන්ධනාගාරය සම්බන්ධයෙන් මේ වෙලාවෙ විශාල කතාබහක් ඇති වෙලා තියෙනවා.ඒ කතාබහ ඇතුළෙ හිරකාරයා සහ බන්ධනාගාර නිලධාරියා කියන චරිත දෙකම දැඩිව විවේචනයට ලක් වෙමින් තිබෙනවා.මේ කාරණය නිසා බන්ධනාගාරය සම්බන්ධයෙන් සහ සිරකරුවා සහ නිලධාරියා සම්බන්ධයෙන් සමාජය සිතා බැලිය යුතු කාරණා අපට මඟ හැරෙමින් තිබෙනවා.
මේ මෑත දවසක මේ ගැන හිතන්න ඕනි මාර්ගෝපදේශනය සහිත කෘතියක් ජනගත වුණා.ඒ කෘතිය සිපීර්.කතුවරයා මො.ල.සෙනවිරත්න.ඒකෙදි දේශකයෙක්,සංවාද කරුවෙක් හැටියට සහභාගි වූ ලාල්කාන්ත සහෝදර අමාත්‍යවරයා සිරකරුවා යනු දඩුවමක් විඳින කෙනෙක් නොව බොහෝ විට පළිගැනීමකට ලක්වන අයෙකුගේ ස්වභාවය ගන්නා බව කිව්වා.ඒ සිරකරුවෙක් සිර ගෙයක් තුළ ගත කරන වේදනාකාරී ජිවිතය සම්බන්ධයෙක් ඔහුගේ අදහස දක්වමින්.


මේ කෘතියට පදනම් වූ කාරණාවන් ගෙන හැර පාමින් මොලා ලියපු වචනවලට වඩා සැර අදහස් දැක්වීමක් කළා.ඒක ඇතුළෙ බන්ධනාගාර නිලධාරියාත් කොච්චර අසරණ ද කියන කාරණය සහ පීඩනයකට ගොදුරුව සිටිනවාද කියන කාරණය හෙළිදරව් වුණා.
අපරාධ අඩු කරන්නට වන සැළසුම් ප්‍රායෝගික ක්‍රියාකාරකමක් නැති වටපිටාවක අල්ලක් තරම් ඉඩක ඊට දරා ගන්න බැරි සෙනඟක් රදවන්න වෙනවා.ලාල්කාන්ත පවසන දඬුවමේ ස්වභාවය පළිගැනීමක් වෙන්නෙ එතැනදියි.ඒ ඉදිකිරීමේ සැළසුම අනුව රැදවිය හැකි ප්‍රමාණය පාලනය කරන්න ගන්න නිලධාරි ප්‍රමාණය ඊට වඩා කිහිප ගුණයකින් වැඩි වූ සිර ගහනය පාලනය කරන්න ප්‍රමාණවත් නැහැ.
පවුලේ ඉතාම පෞද්ගලික උවමනාවක් වෙනුවෙන් නිවාඩු ලබා ගන්න නොහැකි තත්ත්වයේ සිටින එක දිගට දින ගණනක් විශේෂ රාජකාරි කරන්නට වූ ජේලර්වරයෙක්,ඔහුට විශේෂ රාජකාර සඳහා නිකුත් කර තිබූ පිස්තෝලයෙන් වෙඩි තබාගෙන මිය යන බව අධිකාරිවරයාට කියන මොහොතක් මම සජීවීව දැක විඳ තිබෙනවා.ඒ ඔහුට හිමි නිවාඩු නැතිවීම නිසාම නොවේ,එක දිගට විවේකයක් නැතුව වැඩෙහි යෙදෙන්නට සිඳුවිම නිසා ඇතිවන පිඩනයද නිසයි.


සමහර වෙලාවට සිරකරුවන්ට දරුණු පහරදීම් සිඳුවන්නේ ඒ පහරදීම් නිසා කැරලි ඇත්වෙන්නේ එවැනි පීඩනයක් පුපුරා යාමේදී යි.එසේ පහරදීම හෝ මර්ධනය කිරීම් කොයි ආකාරයකටවත් සාධාරණය කරන්න බැහැ.ඒත් පුද්ගලයෙකු එතැනට තල්ලු කරන ක්‍රමය සාධාරණ නැහැ කියන කාරණයත් අපේ සැළකිල්ලට යොමු විය යුතුයි.


ලංකාවේ ඉන්න කෝටිපති මත්දුව්‍ය ව්‍යාපාරිකයන්ගේ හිරකුටි අසළ රාත්‍රීන් ගණනාවක් වෙසෙන නිලධාරියෙකුට සමහර විට පාළුව මකා ගන්න වෙන්නෙ අර දරුණු අපරාධකරු සමඟයි.ඔවුන් ගත කරන ජිවිතවල සාරවත් බව වගේම ඒ වැරදි කරලා උපයන උන්ට විරුද්ධව ක්‍රියාත්මක නීතියේ කොටසක් හැටියට ඉන්න තමන්ගේ ජීවිතවල තිත්ත දුක අතර පරතරය සංසන්දනය කරන්න ඒ නිලධාරියාට කල්පනාවක් එන්න බැරිද?
වැලිකඩ සිරගෙදර ගත් විට වැඩිම වාරයක් එහි නිලධාරීන් නිල නිවාසයක් ගන්න උත්සාහ කරන්නෙ තමන්ගෙ දරුවව ආසන්නයේ පිහිටි හොඳ පාසලකට ඇතුළත් කර ගන්නයි.එහෙම අවස්ථා ලැබෙන අයත් ඉන්නවා,නැති වෙන අයත් ඉන්නවා.ඇත්ත තත්ත්වය මේකයි.මේ පීඩනයන් සමඟ අසීමිත රාජකාරි කරන නිලධාරියා ඒ වගකීම් සමඟ සහ කරන වැඩ කන්ද එක්ක සළකා බලද්දි ඔහුත් මේ රස්සාව විසින් අසීමිත විදිහට සිර කර ගත්තු මනුස්සෙක්.


නීතිය අපරාධකරුවා වෙනුවෙන් ක්‍රියාත්මක කරන පිරිස හැටියට පොලිසිය හදුන්වනවා.දරුනු ගණයේ අපරාධකරුවෙක් අල්ලපු පොලිසියට තෑගි බෝගත් ලැබෙනවා.විශේෂ අවස්ථාත් දරුවන් ඇතුළත් කර ගැනීම වැනි කාරණාවලදි සිඳු වෙනවා.මේ අල්ලන දරුනු ගණයේ අපරාධකරුවන් පොකුරු පිටින් ගාල් කරලා තියෙන තැන ඔවුන්ව පාලනය කරන,සහ පුනරුත්ථාපනය යොමු කිරීම ක්‍රියාත්මක කරන බන්ධනාගාර නිලධාරියාට අපරාධකාරයා අල්ලන කෙනාට තරම් සමාජය සළකනවද?වරප්‍රසාද දෙනවාද?


හැබැයි මේ සියල්ල සිද්ධ වෙන ක්‍රමය ඇතුළෙ සිරකරුවාව අපරාධකාරයෙක් කරලා දඩුවම ගෙවෙන තුරු විඳවන්න දෙන්න කියන අදහසින් නෙමෙයි බන්ධනාගාරයට එවන්නෙ.මේ මොහොත වැදගත්ම වෙන්නෙ මේ දේ කතා කරන්න ඒ නිසයි.හුග දෙනෙක් සිරකරුවා කියන්නෙ මනුස්සයෙක් විදිහට නොසළකා හැරිය යුතු අයෙක් ලෙසයි සාකච්ඡාවෙ බහුතරයක් ක්‍රියාත්මක වෙන්නෙ.සිර දඬුවමකට යටත් වුණාම ඔහුට යම් සමාජ වරප්‍රසාද ටිකක් අහිමි වෙනවා.හැබැයි ඒකෙන් අදහස් කරන්නෙ නැහැ ඔහුට මනුස්සෙක් විදිහට ලැබෙන්න අවශ්‍යය සැළකිල්ල ඉවත් වෙලා ඔහුගේ දඬුවම් කාලය තුළ තිරිසනේ ජිවිතයත් අත් කර දිය යුතුයි කියන එක.


මනුස්සයෙක්ට සෞඛ්‍යාරක්ෂිතව තමන්ගේ සනීපාරක්ෂක කටයුතු කරගන්නවත් ඉඩක් මේ තුළ තියෙනවද?කාන්තා අංශය ගැන සළකලා බැලුවොත් මේ තත්ත්වය තවත් දරුණු වෙනවා.ඒ නිසා බෝවන රෝගවලට ඉතා ඉක්මණින් ගොදුරු වෙන තැනක් තමයි සිරගෙදර.ඊට පස්සෙ සිද්ධ වෙන්නෙ මේවා නිලධාරීන්ට සහ ඔවුන්ගෙ පවුල්වලටත් පොකුරු පිටින් බෝවන එක.මේ අනවශ්‍යය තදබදය විසින් උරුම කර දෙන දේවල්වල ප්‍රතිපල භූක්ති විඳින්න වෙන කොටසක් තමයි නිලධාරීන්ගේ පවුල්වල දරුවො.එළියෙ මිනිස්සු බොහෝ වෙලාවට ඒ වගේ දේවල් ගැන සංවේදී නැහැ.එක්කො දන්නෙ නැහැ.නැත්නම් වැඩක් නැහැ.කොහෙවත් සිරගෙදර පැතිර යව බෝවන රෝගයකින් නිලධාරීන්ගේ දරුවන් සියයක් අනතුරේ වගෙ දේවල් වාර්තා වෙන්නෙ නැහැ.හැබැයි වෙනස් විශේෂ ප්‍රවෘත්තිත් වෙන්න ඕනි මේවා තමයි.
ලාල්කාන්ත කියන්නෙ මෙන්න මේ තත්ත්වය නිසා නිලධාරියාගේ පීඩාවත්,සාමාන්‍ය මට්ටමේවත් නැති සනීපාරක්ෂාවෙනුත් තොර හිර ගෙදර තත්තවයයි.දැන් මෙහෙම වෙන්නෙ ඇයි කියන එක තේරුම් ගන්න වැඩි අවධානයක් යොදන්න ඕනි.එත් තැනෙක සමාජය ඉන්නෙ,වැරදි කරන කරන එකා කුදලගෙන ගිහිං බන්ධනාගාරයෙ දාන්න ඕනි කියන තැන. නිලධාරියෙක්ට දරන්න බැරි තරම් සෙනඟක පීඩනය ඇති කරන්නවත්,මූලික මිනිස් අවශ්‍යයතා ටික නැති කරලා වඳ දෙන්නවත් නෙමෙයි සිරගෙවල් හදලා තියෙන්නෙ.
මේ තත්ත්වය නිසා මොලා සිපීර් හරහා හදන්න හදපු ඉඩ ජනපති සමාවෙ සිඳුවීම එක්ක වැහිලා වෙනස් පැත්තට සමාජය අරගෙන ගියා.සිරකරුවන්ගෙ නිවාස නිවාඩු හිමිකම සිර කාලයෙන් තුනෙන් එකකදි ලබන්න තිබුණ ඩ චන්ද්‍රිකා රජය විසින් තුනෙන් දෙකක් කරනවා.හිතන්න අවුරුදු 18 ක සිර දඬුවමක් කියලා,ඔහුට අවුරුදු 6 දී ලබන්න හිමිකම තිබුණ නිවාස නිවාඩුව ලබන්න අවුරුදු 12 ක් ඉන්න වෙනවා.මේවා පුනරුත්ථාපන ක්‍රියාවලවලටත් ප්‍රශ්න ඇති කරන දේවල්.


සිරකරුවන්ට මනුස්සයන් විදිහට නොසළකා ඉන්න අයිතියක් නැහැ.ඒ නිසාම තමයි සිරකරුවන්ද මනුස්සයන් බව තාප්පවල ලියා ඇඳ තබන්නට සිඳුවී තිබෙන්නේ.මේ සංඥාව ගැන සමාජය සමහර අවස්ථාවලදි තේරුම් අරගෙන සිරකුරුවන්ට සැළකිම ගැන කම්පා වෙනවා.ඒත් තීරණාත්මක මොහොතකදි ඔවුන්ගෙ සම්පූර්ණ සත්‍යය හෝ එම හිරගෙවල් ඇතුළෙ නිලධාරීන්ට තියෙන ප්‍රශ්න සමාජයට අදාළ නොවන දේවල් හැටියට සළකලා අත ඇරලා දානවා.
හිර ගෙදර කියන්නෙ අපට යන්න ඉඩ තියෙන තැනක්.ඒකට අත්වරදක් ඇති.ඒ නිසා ඒ තැන කොහොම තියෙන්න ඕනිද කියන එක දියුණු විදිහට කල්පනා කරන්න ඕනි. නිකමට හිතලා බලන්න දැන් මේ හිරගෙදර ඇතුළෙ ඉන්න මැති ඇමතිවරු ටික ගැන.කුමාර ජීවිත ගත කරන කාලයෙ මේ හිරගෙදර ඇතුළෙ තත්ත්වය ගැන හිතුවනම් අද ඔවුන්ට මීට වඩා පහසුකම් භුක්ති විඳින්න තිබුණා.
ඇත්තටම ලංකාවෙ තියෙන ප්‍රශ්නය හිරගෙදර පුළුල් කිරිම හෝ අලුතින් ශාඛා දමමින් මේ අපරාධවලට සරිලන ඉල්ලුම සැපයීම ද කියන එකයි සමාජය අවධානයට පක් කරන්න ඕනි.මහන්සි විය යුත්තේ අපරාධ රාජ්‍යයේ ප්‍රමාණය පටු කිරීමයි.නැත්නම් හකුලා දැමීමයි.එල්ල මැරීම වැනි කාරණාවලට යන්න සිතීම වෙනුවට පළමුව මේ සිරගහනය අඩු කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග අතර ඉතා අඩු කාල සිර දඬුවම් ලබමින් නිතර හිර ගෙදරට එන පිරිස එම ඉතිහාසය සළකා බලා දීර්ඝකාලීන පුනරුත්ථාපනයකට යටත් කළ යුතුයි.ඒ සඳහා ලැන යාමට නොහැකි එහෙත් එළිමහනේ වැඩ කළ හැකි රජයටත් පාඩු නොවන ගොවිපොළවල් වැනි සංකල්ප ගෙන ඒම වැදගත්.


එසේම පුනරුත්ථාපන සංකල්ප වෙනස් කළ යුතුයි.සිරගෙවල් රජයේ මුදල් නාස්ති නොකරන තත්ත්වයට පත් කළ හැකියි.දැනට වෘත්තීය වශයෙන් පාටි ලෙස නම් කර තිබෙන වැඩහල් නිවැරදිව ක්‍රියාත්මක නොවන බව පැහැදිළියි.ඒවා පිටතට වඩා අඩුවෙන් සේවා සපයන ස්ථාන බවට පත් කළ හැකියි.එවිට සිරකරුවාට ද වැඩි මුදලක් ඔවුන්ගේ ගිණුම්වල තැන්පත් කරන්න ඉඩක් හැදෙනවා.මේ සේවාවන් සහ නිෂ්පාදනවල මිල ගණන් එවායේ ලාභය සිරකරුවා වෙත යන හැටි පාලනය කරන එක චක්‍රලේඛවලින් ගැසට්වලින් කරන්න යන කාලය වෙහෙස වැඩියි.ඒවා සාමාන්‍ය සමාජයෙ පවතින සාමාන්‍ය මිලට වඩා සියයට විසිපහක තිහක අඩුවෙන් සපයන්න එකඟතාවයකට පැමිණ එය වෙනස් කිරීමේ බලය බන්ධනාගාර කොමසාරිස්වරයාට හෝ එම සුබෂාධන අංශය භාර කොමසාරිස්වරයාට පවරෙන්න අවශ්‍යයය වෙනවා.
ඒ වගේම සිරගෙවල් ඇතුළෙ ඇති කරන කලා උද්යෝගය වේලුනු එකක්.ඔවුන් අතරින් එළියත් සමඟ සම්බන්ධ වෙන්නෙ හේවිසි කණ්ඩායම විතරයි.සමහර වෙලාවට නැටුම් කණ්ඩායමත් පෙරහැරවලට සම්බන්ධ වෙනවා.නාට්‍ය කිහිපයක් තරගවලට ඉදිරිපත් කරලා එළියේ වේදිකාගත කරලා තියෙනවා.මේ සඳහා අපට ඉඩක් හදාගන්න පුළුවන්.බන්ධනාගාරය ඇතුළෙ පිටතට සම්බන්ධ වෙන්න පුළුවන් මායිමක රඟහලක්,ගැලරියක් හදන්න අපට බැරිද?ස්ටුඩියෝ එකක් හැදුවත් ශබ්ධ උපකරණ හසුරුවන්න පුළුවන් අය මේක ඇතුළෙ ඉන්නවා.මැහුම් පාටියට විශ්වසනීයත්වය තතහවුරු කරපු අයව දාගෙන ටේලර් ‍සාප්පුවක් දාන්න පුළුවන්.ඒ වගේ සැලූන් එකක්.
මෙහෙම අය තෝරා ගන්න සහ හඳුණාගන්න දැනටමත් සාර්ථක ක්‍රමයක් බන්ධනාගාරයේ ක්‍රියාත්මකයි.ඒ අයව තමයි පිටත සේවයට යවන්නෙ.ඒත් එහෙම යවන අතරෙම පිටත අය සේවා සඳහා ගෙන්වා ගැනීමටත් ක්‍රමයක් සිතිය යුතු වෙනවා.කොහෙවත් කරලා නැහැ කියලා කරපු දේවල් කොපි කරනවට වැඩිය මේ වැඩ පටන් ගත්තෙ ලංකාවෙ බන්ධනාගාරය කියන කාරණය වැදගත්.


රඟහල,ආර්ට් ගැලරි එක වගෙ දේවල් එක්ක මිනිස්සු පිටත සමාජය එක්ක සම්බන්ධවීම,සාකච්ඡා කිරීම වැනි කාරණාවන් සමග පුනරුත්ථාපනය වෙනවා.මේ වන විටත් වැලිකඩ එහෙම හොඳ පුස්තකාලයක් තියෙනවා.මේ ලියුම්කරු එක කෘතියක් ඔහුගේ ජනගත කළේ වැලිකඩ බන්ධනාගාර පුහුණු මධ්‍යස්ථානයෙ.එදා පොත ගැනීමට වඩා ඉල්ලුම තිබුණෙ රැඳවි සහෝදරයන්ට පොතක් ගෙනවිත් දෙන්න.ඒ වැඩේ ගොඩක් සාර්ථක වුණා.චන්දන ඒකනායක තව පොඩි පොඩි දේවල් එකතු කරලා එයාගෙ අදහසක් හදලා ඒක පොහොසත් කරා.
ඒ නිසා බන්ධනාගාරයට අද තියෙන අභියෝගය තව තැන ලොකු කරලා එන පරිසට හිරේ ලොකු කරන එක නෙමෙයි.නිතර එන අයගෙ වැරදි හඳුනාගෙන ඒ අයව දීර්ඝ පුනරුත්ථාපනයකට ලක් කරන වෙනම තැනක් සැකසිම.හොඳ පුනරුත්ථාපනයක් සහ එළියෙ වැඩ කරන සිවිල් සමාජය එක්ක පුනරුත්ථාපනයට අවශ්‍ය්‍ය දැණුම ගන්න විදිහෙ වැඩ සටහන් සහ වෘත්තීය අවස්ථා දියුණු කිරිම.මේ ගැන කතා කරනන්න ඕනීම වෙලාවක පිළිතුරු බලයක් සහිත පුද්ගලයන් එක්ක අප සූදානමින් සිටිනවා.පෞද්ගලික අංශයේ නිෂ්පාදන සඳහා ද ඉඩක් බන්ධනාගාර තුළ හදාගන්න පුළුවන්.කාලයක් එහෙම ඇගළුම් කර්මාන්ත ක්‍රියාත්මක වෙලා තියෙනවා.


ඒ නිසා ජනාධිපති සමාව එක්ක පැටලිලා නිධාරී සහ සිරකරුවන් එල්ලා ගල් ගසන්නට පෙර මේ හිර ගෙවල් ඇතුළේ මේ දෙපාර්ශවයම ඒ අයට ඉහළින් ප්‍රතිපත්ති සම්පාදනය කළ යුතු අය විසින් මඟ හැර තිබෙන ක්‍රමය සැකසීම අත හැරිම නිසා විඳින වේදනාවන් තේරුම් ගන්න.ඔවුන් ද අප හා සමානයි කියන කාරණය තේරුම් ගන්න.වෙනස් වෙන තැන තියෙන්නෙ ක්‍රියාවෙ සහ ප්‍රතික්‍රියාවෙ වෙනස තුළයි.ඉස්සෙල්ලම මේ මිනිස්සු අප වගේ හැඟීම් දැනීම් ඇති අය කියලා තේරුම් ගන්න, සිපීර් කියවන්න.
මේ සමාජය සිරගෙදර ගැන ඇති කර තිබෙන සංවාදය හරි තැනට යා යුතු මොහොතයි.වැඩි දෙනෙක් සංවේදීව සිටින නිසා සිරකුරවන් බිත්තියෙ විතරක් නෙමෙයි ඇතුල් හදවතින් ද මිනිස්සු විදිහට හිතන්න පුළුවන් තෙත්ක ආදරයක් තියෙන්න පුළුවන් කියලා හිතන්න පුළුවන් කාරණයක් ඒ පොතෙන් උපුටා ගන්න සිතුවා.


ඒ නීති සිසුවියකට කෘතිම අතකට ආධාර වශයෙන් ආහාර වේලක් සිරකරුවන් විසින් පරිත්‍යාග කරලා ඒක භාර දෙන අවස්ථාවට සකස් කළ උත්සවයේ සූදානම මොහොතේ ඇති වූ සංවාදයක කොටස් කිහිපයක්.
“මෙයත් කවදාහරි ලෝයර් කෙනෙක් වෙයි.ලෝයර්ලා අපට කරපු දේවල්වල හැටියට වතුර උගුරක්වත් දෙන්න වටින්නෙ නැහැ…“ නීතිඥවරු නිසා තම සේසතම නැති භංග කරගත් සිරකරුවෙක් තම මතය ප්‍රකාශ කරයි.
“ඒක එයාගෙ වැඩක්.අපි මනුෂ්‍යයන් හැටියට අපේ කෑමවේල දෙනවා.එතැනින් එහා මුකුත් හිතන්න එපා….! තවෙකෙක් කියයි.
‘අපි නැත්නම් උන්ට කොහෙන්ද බං රස්සා!වේලි වේලි ඉන්න තමයි වෙන්නේ…ගණන් ගන්න එපා.උන් නිසා අපි යැපෙනවා.අපි නිසා උන් යැපෙනවා.නැද්ද මහත්තයො…!නිලධාරියෙක් වෙත බලමින් තවත් සිකරුවෙක් සිනාසී කියයි.
“ඔව් බං උන් වගෙම අපිත් එහෙමයි.‘නිලධාරියාද සිනා සි ප්‍රතිඋත්තර දෙයි.

පොතෙන් කරන මේ උපුටා ගැනීම ප්‍රමාණවත් බව සිතමි.මේ පොත අවදි කළ මතක,සහ භාවිත අවබෝධය විසින් පොළඹවන ලද අදහස් මොලවන්නට හොඳම අවිය මොලාගේ සිපීර් ය.එය ඔබ කියවිය යුතුම පොතකි.
මේ පොත කියවන්න පහසු මාර්ග යොදන්නෙ එය ඔබට පහසුවෙන් කියිවයි හැකි සහ කියවිය යුතු පොතක් නිසයි.හිරගෙදර බිත්ති ඇතුළතින් පුපුරවා පිටත සමාජය පිටතින්ද පුපුරුවා මේ දක්වා නොවුණු සම්බන්ධයක්,ආත්මීය සංවාදයක් සකසා ගැනීමේ වැදගත්කම එයින් ඔබට දැණෙනු ඇත.
සිපීර් : https://grantha.lk/seeper-mo-la-senevirathna-opiuma-books…
හික්මවීම පිණිස මේ දඬුවම ඉවසන්න (කාව්‍ය සංග්‍රහය) : https://grantha.lk/hikmaweema-pinisa-mola-senevirathna…
පොත් ඇණවුම් කළ හැකි ක්‍රම;
www.grantha.lk වෙබ් අඩවියට පිවීසීම මඟින් අන්තර්ජාලය හරහා ඇණවුම ලබා දීම.
6/39, අළුත් ගාලු පාර, කොරළවැල්ල, මොරටුව ලිපිනයෙහි පිහි‌ටි Grantha.lk පොත් හලට පැමිණ මිලදී ගැනීම
කාර්යයාලීය වේලාවන් හී දී අපගේ 071 9 44 88 99 දුරකථනයට ඇමතීම මඟින්.
ඕනෑම වේලාවක දී SMS, Viber, WhatsApp (071 9 448899) සේවා වලට හෝ Grantha.lk පිටුව වෙත පහත විස්තර එවීම මඟින්.
අවශ්‍ය පොත හෝ පොත් වල නම්:-
ඔබගේ නම:-
ලිපිනය:-
දිස්ත්‍රික්කය:-
දුරකථන අංකය:-
ගෙවීම් කරන ආකාරය:- Cash on Delivery / Bank Deposit / Credit Card
පොත ලබාගන්නා ආකාරය: – Courier / Reserve

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ටෙහෙරානයේ හදවතට’ ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායල ආරක්ෂක ඇමති නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය හා ඊශ්‍රායලය...

සභා 200ක් මාලිමාව අතේ!

කොළඹ LNW:පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව මේ වන...

බෝට්ටු පෙරළීමෙන් ටහෝ විලෙහි අට දෙනෙක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජුනි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු ඇමරිකාවේ විශාලතම...

වතු කම්කරු වැටුප් වැඩි වීම ගැන බලාපොරොත්තුවක්!

කොළඹ LNW:මෙම වසරේදී වතු කම්කරු දෛනික වැටුප රු.1700 දක්වා...