ඉරාන-ඊශ්‍රායල සටන් විරාමය ගැන චීනයෙන් ප්‍රකාශයක්!

Date:

කොළඹ LNW:ඉරාන – ඊශ්‍රායල සටන් විරාමය සම්බන්ධයෙන් චීනය සිය ප්‍රතිචාරය දක්වා තිබේ.

චීනය ප්‍රකාශ කර ඇත්තේ සංවාදය හා සාකච්ඡාව ප්‍රශ්න විසඳා ගැනීමේ නිවැරදි ක්‍රමය බවයි. චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා අද (24) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය.

මැද පෙරදිග තත්ත්වය දෙස වැඩි අවධානයක් යොමු කරන චීනය, එහි තත්ත්වය අඛණ්ඩව උග්‍ර වීම කිසිවිටෙකත් අපේක්ෂා නොකරන බව ද ඔහු පැවසීය. කඩිනමින් සටන් විරාමයක් ආරම්භ කිරීම චීනයේ බලාපොරොත්තුවයි. එමෙන්ම දේශපාලන ආකාරයෙන් ප්‍රශ්න විසඳා ගැනීමේ නිවැරදි මාර්ගයට වහාම පැමිණෙන ලෙස චීනය අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියි.

ජගත් ප්‍රජාව සමග එක්ව මැදපෙරදිග ප්‍රදේශයේ සාමය හා ස්ථාවරත්වය සහතික කිරීමට උපරිම දායකත්ව ලබා දීමට චීනය කැමැත්තෙන් සිටින බවද චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

දිනුෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මතකයන්ගෙන් පිරී ගිය ඉන්දියාවේ සුවිශේෂී වාසභවන්!

සටහන – පුලී දෙසැම්බර් 27, කොළඹ (LNW):  අලිබාග් හි ජෙෆ්රි...

ජීවන ගීතය නිම කළ ගීත කෝකිලාවිය “ලතා”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : සුවහසක් කලා...

මාධ්‍ය ආයතන මර්දනය කරන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : පසුගියදා ඇතිවුණු ආපදා...