තායිලන්ත 800 රන් ජෝඩුවම ශ්‍රී ලංකාවට

Date:

නිශ්මං රණසිංහ ජුනි 24, කොළඹ LNW:

තායිලන්ත විවෘත මලල ක්‍රීඩා සූරතාවලිය නිමාවට පත් වුණා.ශ්‍රී ලංකාවට රන් පදක්කම් 6 ක්,රිදී පදක්කම් 4 ක් සහ එක් ලෝකඩ පදක්කමක් දිනා ගන්නට හැකි වුණා.අවසාන දිනයේ මීටර් 800 ඉසව්වේ පිරිමි රන් පදක්කම දිනා ගත් රුසිරු චතුරංග මේ තරගාවලියේ තමන් දිනා ගත් දෙවන රන් පදක්කමට හිමිකම් කියන්නට සමත් වුණා.එසේම කාන්තා මීටර් 800 ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනා දෙන්නට පළපුරුදු නිමාලි ලියනාරච්චිට හැකි වුණා.


එ් අනුව නිමාලි මීටර් 1500 රිදී පදක්කම සමඟ නිමාලිට මේ තරගාවලියේ පදක්කම් දෙකක් දිනා ගන්නට අවස්ථාව උදා වුණා.ඇය සේම මීටර් 1500 ඉසව්වේ රිදී පදක්කම දිනා ගත් වොක්ෂාන් වික්නරාජ් අවසාන දිනයේ දී මීටර් 5000 ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනා දෙමින් මේ තරගාවලියේ පදක්කම් දෙකක් ශ්‍රී ලංකාවට දිනා දුන්න ක්‍රීඩකයෙකු බවට පත් වුණා.මේ තරගාවලියේ දී පදක්කම් දෙකක් දිනා දුන් ක්‍රීඩක ගොන්න අතර කැපී පෙණෙනම දෙදෙනා බවට පත්වන්නේ රුසිරු චතුරංග සහ මධුෂානි හේරත් වන අතර ඔවුන් දෙදෙනා රන් පදක්කම් දෙක බැඟින් දිනා දෙන්නට සමත් වුණා.


අවසාන දිනයේ ශ්‍රී ලංකාව බොහෝ සේ විශ්වාසය තබා තිබූ මීටර් 400 කඩුුලු රන් පදක්කම වෙනුවට අයෝමාල් අකලංකට රිදී පදක්කමකින් සෑහෙන්නට සිඳු වුණා.චීන තායිපේ නියෝජනය කළ යූ ටින්ග් වූ ඔහු ඒ ද්කවා වාර්තා කර තිබුණු හොඳම කාලය වන තත්පර 51.14 ඉක්මවා යමින් තත්පර 50..67 ක දක්ෂතාවයක් දක්වමින් තරගයේ රන් පදක්කම දිනා ගනු ලබනවා.අයෝමාල් තරගයේ ආරම්භයේදී ටින්ග් මේ තරම් කාලයක් වාර්තා කරනු ඇතැයි බලාපොරොත්තු නොවුණු බව පැහැදිළිව තරගය නිරීක්ෂණයේදී පෙනී යන අතර පසුව පමා වී තේරුම් ගැනීමේ ප්‍රතිපලය ලෙස අයෝමාල්ට රිදී පදක්කමෙන් සෑහීමකට පත් වෙන්නට සිඳු වෙනවා.බොහෝ විට අයෝමාල් පමේ තරගයේදී ටින්ග්ව මුල සිට හඹා ආවානම් අයෝමාල්ට තරගයේ අවසානයේ රන් පදක්කම පමණක් නොවී හරිජන් රත්නායක සතු තත්පර 49.44 ජාතික වාර්තාවද හිමි වන්නට ඉඩ තිබුණා.


මෙම මීටර් 400 කඩුලු ඉසව්වේදී අයෝමාල් පරිස්සම් විය යුතු වන්නේ ටින්ග් අයෝමාල්ට ත් වඩා වසරකින් බාල ක්‍රීඩකයෙකු වීමයි.ඔහු තරගය ජය ගත්තද අයෝමාල්ගේ හොඳම පෞද්ගලික කාලය වන තත්පර 50.20 ඉක්මවා නොගිය අතර ඉදිරියට මේ අභියෝග ජය ගැනීමටනම් අයෝමාල් මීට වඩා ජාත්‍යන්තරය සමඟ මුසු කරන්නේ කෙසේද යන්න සහ විදේශ විශ්ව විද්‍යාල ක්‍රීඩා ශිෂ්‍යත්ව නොමිලේ ලබා ගන්නට හැකි මාර්ග ගැන විමසිළිමත් විමත් වැදගත් වෙනවා.ටින්ග් ආසියාව තුළම අයෝමාල්ට එරෙහිව අභියෝගයක් ලෙස නැඟී සිටීම සහ ඔහුට ශ්‍රී ලංකාවට වඩා ඔහුගේ මලල ක්‍රීඩා ජීවිතයට පහසුකම් දිය හැකි රටක් තිබීම කියන කාරණා අපේ ක්‍රීඩා බලධාරීන්ගේ අවධානයට ලක් විය යුතු වෙනවා.
මේ අතර අවසාන දිනයේ දී මේ තරගාවලියේ ශ්‍රී ලංකාව ලද එකම ලෝකඩ පදක්කමේ හිමිකාරීත්වය දරන්නට සෆ්රීන් අහමඩ් නජිමුඩීන් සමත් වෙනවා.ඒ තුන් පිම්ම ඉසව්වේදි මීටර් 15.94 ක් දක්ෂතාවයක් දක්වමින්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සොනාල්ට ටෙස්ට් වරම්…!

නිශ්මං රණසිංහ ජුනි 24, කොළඹ LNW: ඇන්ජලෝ මැතිවිස්ගේ විශ්‍රාම යාම...

කැමති වුණත් අකමැති වුණත් මැච් එක අපිට ගහන්න වෙනවා. ප්‍රශ්නයක් නම් කෙඳිරි ගාන්නේ නැතුව නඩු දාන්න (VIDEO)

කොළඹ LNW:ඇතැම් පළාත් පාලන ආයතන පිහිටුවීමේදී ජාතික ජන බලවේගය...

“ඊශ්‍රායලය, ඒ බෝම්බ හෙළන්න එපා. ඔබේ නියමුවන් ගෙදර ගෙන යන්න” – ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණිජුනි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සටන් විරාමය...

ඉරාන-ඊශ්‍රායල සටන් විරාමය ගැන චීනයෙන් ප්‍රකාශයක්!

කොළඹ LNW:ඉරාන - ඊශ්‍රායල සටන් විරාමය සම්බන්ධයෙන් චීනය සිය...