ශ්‍රී ලංකා මහ බැංකුවට තවත් රුපියල් බිලියන 63ක් අච්චු ගැසීමට සිදු වෙයිද?

Date:

ඊයේ (23) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියෙන් පෙර සතියේ අනුපාතවලට අනුව මහ බැංකුවට උපයා ගැනීමට හැකි වූයේ බිලියන 31ක් පමණි. ඒ නිසා ඔවුන්ට වෙළෙඳපොළට නිකුත් කළ බිලියන 93න් බිලියන 63ක හිඟයක් අත්විදීමට සිදුවිය.

බොහෝ දුරට එම හිඟ අගය අලුතින් මුද්‍රණය කර මුදා හැරීමට මහ බැංකුවට සිදුවනු ඇත. පසුගිය සතියේ මුද්‍රණය කරන ලද බිලියන 48 සමඟ මේ වන විට නන්දලාල් වීරසිංහගේ ‘ස්වාධීන මහ බැංකුව’ විසින් මුද්‍රණය කෙරුනු මුළු මුදල බිලියන 316ක් වේ.

කෙසේ වෙතත්, IMF වැඩසටහන ආරම්භ වන විට, මෙම ‘මුදල් මුද්‍රණ ව්‍යාපාරය’ නතර කිරීමට රජයට සහ මහ බැංකුවට සිදුවනු ඇත. ඉන්පසු රජය රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, ඉන්ධන ආදිය සදහා ගෙවීම් සිදු කරන්නෙ කෙසේදැයි බලාගන්නට පුළුවන.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...

දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !

කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...

අගෝස්තු අග වෙද්දී ආර්ථිකය ඉතාම අමාරු තැනකට යනවා. 2026 මුල විශාල ආර්ථික අර්බුදයක් එනවා – රාජිත

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුවට ආර්ථිකය සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙලක්...