වසර දෙකක විවේකයකින් පසු නැවතත් ඇරඹෙන බ්‍රිතානයේ Glastonbury උළෙල

Date:

බ්‍රිතාන්‍යයේ විශාලතම සංගීත ප්‍රසංගය හෙවත් Glastonbury උළෙල මේ සති අන්තයේ සතර දිගින් පැමිණෙන මිනිසුන් එකට එකතු කරමින් සිටියි.

වසංගතය හේතුවෙන් වසර දෙකක විවේකයකින් පසු, Glastonbury උත්සවය සඳහා විශාල ජනකායක් නැවත ඉංග්‍රීසි ගම්බද කලාපය වෙත පැමිණ ඇත තවදුරටත් පැමිණීනෙනු ඇතැයි අනුමාන කර ඇති පිරිස් ද බොහෝය. සංගීත ප්‍රභේද සහ පරම්පරා ගණනාවක් පුරා මෙම වසරේ උත්සව පෙළගැස්ම විහිදී ඇත. Billie Eilish, Kendrick Lamar සහ Paul McCartney මෙම උත්සවයේ ප්‍රමුඛතම කලාකරුවන් ලෙස කටයුතු කරන අතර Diana Ross, Sunday Legends විශේෂාංගය සඳහා වේදිකාවට පිවිසෙනු ඇත.

මීට අමතරව Megan Thee Stallion, Olivia Rodrigo, Pet Shop Boys, St. Vincent, Lorde, The Libertines, Kacey Musgraves, Leon Bridges, Herbie Hancock සහ තවත් කලාකරුවන් දුසිම් ගණනක් Glastonbury උළෙලට මේ සති අන්තය(22-26) තුළදී එක් වනු ඇත.

එක් එක් කලාකරුවන් සිය ඉදිරිපත් කිරීම් සිදු කරන වේලාවන් මෙම දිගුව භාවිතයෙන් නැරඹිය හැක. එක්සත් රාජධානියේ ඇතුළත, උත්සවය BBC One, Two, Three සහ Four ඔස්සේ විකාශය කෙරේ. ලෝකයේ වෙනත් රටවල් සඳහා එය BBC Music YouTube නාලිකාව ඔස්සේ නැරඹිය හැක.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...

අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ඇමති රාජිතට නොතීසි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන 29 වැනිදා...