ශ්‍රී සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා අප්‍රමාණ මෙහෙවරක් කළ ජනසම්මතවාදී ජනපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිදුන්ගේ 98 වන ජන්ම දිනය ඊයේ (23) යෙදී තිබුණ අතර “සසුනට අරුණ වැවයි දාගැබයි – ගමයි පන්සලයි” වැඩසටහන යටතේ ඉදිකෙරෙන 11 වැනි චෛත්‍යය ලෙස ගාල්ල, හිනිදුම, නාගොඩ මූලන ශ්‍රී ආනන්දාරාම විහාරස්ථානයේ ඉදිකරන ලද “චන්දවිමල නාහිමි සමරු මහා සෑරාජයාණන්” වහන්සේ සසුනට පූජා කිරීම සිදුවිය. එම අවස්ථාවට පූජ්‍ය පාද ගරුතර මහා සංඝරත්නය, මහජන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.










RN